Wednesday 29 April 2020

නර්තනය -"භරත නාට්‍යම්" හඳුනා ගනිමු

    විෂය- නර්තනය               
         

  පාඩම -"භරත නාට්‍යම්" හඳුනා ගනිමු
             
  ගුරු භවතා-විරාජ් ජයවර්ධන මහත්මා                       
      දිනය-          2020-04-29
    වේලාව-       පෙ.ව.11.00-ප.ව.12.30

--------------------------------------------------------------------------------- හොඳයි පුතාලා..........ආයුබෝවන් හැමෝටම.........

කෝ බලන්න නැටුම් කරන පුතාලා ඉන්නවද?

අද අපි ඉන්දියානු නර්තන සම්ප්‍රදායක් ගැන ඉගෙන ගනිමු............

ඒ තමයි "භරත නාට්‍යම්" කියන නර්තන කලාව.........

මේක ගොඩාක් විශේෂ එකක්..........
දැන් මම  ඡායාරූප ටිකකුයි වීඩියෝ කිහිපයකුයි එවනවා 

මුලින්ම ඒ ටික බලන්නකෝ පුතේ .



























මේ එවලා තියෙන ඡායාරූපයේ නර්තන ශිල්පිණියගේ මුහුණේ ඉරියව් හොඳට බලන්න....ආභරණ බලන්න..



                                    







හොඳයි දැන් පුතාලට භරත නාට්‍යම් පිළිබඳ තොරතුරු දන්නෙ නැතිවුණත් ලෝකෙ මොනතරම් නර්තන සම්ප්‍රදායන් අතරේවුණත් මේ භරත නාට්‍යම් සම්ප්‍රදාය වෙන්කරලා හඳුනාගන්න පුලුවන් ඇති කියලා මමහිතනවා.........


අද මුලින්ම මම ප්‍රශ්න ටිකක් එවනවා........... 
ඒවට පිළිතුරු පසුවට එවන සටහන් වලින් හොයලා ලියන එක තමයි අභ්‍යාසය....
තේරුණා නේද?


1=මෙම නර්තන සම්ප්‍රදාය ඉන්දියාවේ කුමන කොටසක කුමන ප්‍රාන්තයක කුමන ප්‍රදේශයක් මූලික කරගෙන ආරම්භ වූයේද?
2=මෙය බිහිවීමට කුමන ආගමක් මූලික වූයේද?........
3=මෙම නර්තන සම්ප්‍රදාය බිහිවීමට බලපෑ අතීත නර්තන වර්ගයක් ලියන්න...
4=ඒවා රඟ දැක්වූ අය කවුරුන්ද?
ඔවුන් කුමන කටයුත්තක් කළ අයද?
5=මෙම නර්තන සම්ප්‍රදාය ඉගැන්වීමට ඇති විශේෂිත ආයතනය කුමක්ද?
6=මෙම නර්තන සම්ප්‍රදාය
ඉගෙන ගන්නා ආධුනික ශිෂ්‍යාවක් විසින් ප්‍රගුණ කලයුතු මූලික සරඹ වර්ග මොනවාද?
7=භරත නාට්‍යම් ගුරුවරයා කුමන නමකින් හැඳින්වේද?
8=සියලු චරිත එක් අයෙකු විසින් නිරූපනය කෙරේ යන අර්ථ නිරූපණයට නාට්‍ය ශාෂ්ත්‍රයේ කුමක් සඳහන් වෙයිද?
9=මෙම සම්ප්‍රදායට භරත නාට්‍යම් යන නම යෙදීමේ ගෞරවය හිමිවන්නේ කාටද?
10=තන්ජාවුර් සොහොයුරන් 4දෙනා නම්කරන්න
11=ඔවුන් මෙම සම්ප්‍රදාය වෙනුවෙන් කුමක් සිදුකර ඇත්ද?
12=භරත නාට්‍යම් සංදර්ණයක අංග අනුපිළිවෙල ලියාදක්වන්න
13=මෙ සම්ප්‍රදාය උගත් විදේශීය ශිල්පිණිය කවුද
14=භරත නාට්‍යම් ශිල්පිණියන් සහ ශිල්පීන් 06දෙනෙකුගේ නම් ලියන්න
15=භරත නාට්‍යම් සඳහා කුමන සංගීත සම්ප්‍රදායක් භාවිතා වේද?17
16=ප්‍රධාන අවනද්ධ ⁣වාද්‍ය භාණ්ඩය හෙවත් බෙරය කුමක්ද?
17=තාලම්පට කුමන නමකින් හැඳින්වේද?
18=අමතරව යොදා ගක්කා සංගීත වාද්‍ය භාණ්ඩ05ක් ලියන්න
19= භරත නාට්‍යම් සංගීත ශිල්පීන් හඳුන්වන නම කුමක්ද?
19=පිරිමි ඇඳුම් කට්ටලයේ කොටස් ලියන්න....
20=කාන්තා ඇඳුමෙහි වර්ග 3ක් පවතී.ඒ මොනවාද?
21=නිළියක් හිසට පළඳින ආභරණ මොනවාද?
22=කණට,නාසයට,⁣බෙල්ලට,උරහිසට,අත්වලට,පාද වලට වෙන වෙනම         පළඳින ආභරණ නම් කරන්න......
23=මුද්‍රා යනු මොනවාද?
24=තනි අතකින් සහ අත් දෙකෙන්ම පෙන්වන මුද්‍රා හඳුන්වන නම්                මොනවාද,ඒවා ගණනින් කීය බැගින්ද?


භරත නාට්‍යම් පිළිබඳ pdf ඇමුණුම01මෙතැනින්







ඒ වගේම තමයි...... මේ නර්තන කලාවේ 
සියලු අර්ථ ඉදිරිපත් කිරීම් කරන්නෙ මුද්‍රා භාවිතයෙන්.........
ඒ මුද්‍රා #සංයුත හස්ත(අත් දෙකෙන්ම මුද්‍රාව පෙන්නලා කරන ඒවා)24

#අසංයුත හස්ත(තනි අතකින් මුද්‍රා පෙන්නලා  කරන ඒවා)28

ඒවගේම සිරස හෙවත් ඔළුවේ යම් ටම් චලන මගින් භාවයන් නි
රූපනය කරන ක්‍රම තියෙනවා ඒවාට #ශිරෝ බේදා......කියනවා...

බෙල්ලෙනුත් එහෙමයි ඒවාට #ග්‍රීවා බේදා කියනවා

ඇඳුම් පැලඳුම් ආභරණ එවන්නම්











හඬ පටය 01 මෙතැනින්






මම හිතනවා පුතාලට හොඳ අවබෝධයක් භරත නාට්‍යම් පිළිබඳව දැන් තියෙනවා............
ප්‍රශ්ණ වලට පිළිතුරු ලියන ගමන් ඒ ප්‍රශ්ණයේ සහ පිළිතුරේ තියෙන කරුණ ඉතා හොඳින් අවබෝධ කරගන්න............










මේ තියෙන්නෙ පුතාලගෙ විෂය නිර්දේශයට අදාළ අතිරේක කියවීම් පොතේ භරත නාට්‍යම් ගැන තියෙන සටහන.......ඒකත් ඉතා හොඳින් කියවන්න..........හැම දේම අවබෝධ කරගෙන පිළිතුරු සපයන්න.........
⁣එහෙනම් හැම පුතෙකුටම තෙරුවන් සරණයි.......පරිස්සමින් ඉන්න.....
🙏 🙏🙏🙏🙏
ඒවගේම තමයි දැන් ඉතිහාසය පාඩමට ලෑස්ති වෙන්න පුතේ ඉන් පස්සෙ 
චිත්‍ර සහ සංගීතය විෂය සර්ලා උගන්වාවි..........


චිත්‍ර කලාව -සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නව නිර්මාණයක් කරමු

   විෂය-   චිත්‍ර කලාව                  
         

   පාඩම -සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින්
              නව නිර්මාණයක් කරමු


   ගුරු භවතා-නුවන් ප්‍රසාද් බුද්දික මයා                        


       දිනය-          2020-04-29
    වේලාව-       ප.ව.03.00-ප.ව.04.30

------------------------------------------------------------------------------

ආයුබෝවන් දරුවනේ අද දහවල් යෙදී තිබුන චිත්‍ර පාඩම හදීසි කටයුතු කිහිපයක් යෙදුන බැවින් කල නොහැකි විය. නමුත් දැන් අපට පාඩම සමඟ සම්බන්ධ විය හැක

මේ නිවාඩුව අලුතින් වැඩක් කරන්න අපට ලැබුන අවස්ථාවක් අපි පසුගිය පාඩම් වලදී එවැනි නිර්මාණ සිදුකිරීමට කටයුතු කලා .සතුටින් කිවයුතු දෙයක් තිබෙනව ,අපේ දරුවො ඇත්තටම හොඳ නිර්මාණ මට එවල තිබුන.

අද අපි සාම්ප්‍රදායික මෝස්තර ආශ්‍රිතව නිර්මාණයක් කරන්න බලමු 

   සාම්ප්‍රදායික සත්ත්ව රූප අශ්‍රිත නිර්මාණයක්






මේ බලන්න අපි නිතර නිතර දකින මෝස්තර කිහිපයක්

මම අද ඔයාලට දෙන පැවරුම බලමු 

මුලින්ම ඔබ කැමති සත්ත්වයාගෙ මෝස්තරයක් තෝරාගන්න. මා මෙහි දුන් උදාහරණ වලට අමතරව වෙනත් සත්ත්ව රූප ආශ්‍රිත මෝස්තර ඔබට භාවිතා කල හැක

එම මෝස්තරය අඟල්1.5 X 3  ප්‍රමාණයේ කඩදාසියක් මත හෙමින් කාලය අරගෙන රේඛාවෙන් පමණක් අඳින්න. 


අපි මෙි නිර්මාණය කරනු ලබන්නේ අච්චුවකි දැන් එම රූපය ඇඳි කොලයේ පිටුපස පැන්සලෙන් හොඳින් පාට කරන්න සම්පූර්ණයෙන්ම





 දැන් වැඩේ කොටසක් අවසන්.
ඊ ලඟට ඔබේ චිත්‍රය අඳින කඩදාසිය ගෙන එහි මැදින් අඟල් 1.5ක තීරුවක්  අඳින්න. අපි අපේ අචිචුව අරගෙන එය මෙම තීරුව තුල තබා අපේ මෝස්තරය මත පැන්සලෙන් අඳින විට යටින් චිත්‍ර කඩදාසිය මත අපේ මෝස්තරය පිටපත් කර ගත හැකියි.ඒ අයුරින් එකම සත්ත්ව රූපයේ පිටපත් තීරැවක් ආකාරයට නිර්මාණය කරගත හැකියි.













මේ තියෙන්නේ මා විසින් කරන ලද නිර්මාණ කිහිපයක්

ඔයාල⁣ගෙ නිර්මාණයත් මේ වගේ කරන්න උත්සහ  කරන්න


දැන් තියෙන්නේ ඊලඟ ⁣වැඩේ. සිතුවම් තීරය වර්ණ ගැන්වීම.

මෙි සඳහා අපි පැන්සල පමණක් භාවිතා කරමු 



අපි වර්ණ කරන්නේ සිතුවමේ පසුබිම පමණයි අනෙක් කොටස්ටික රේඛාවෙන් පමණක් තිබීම ප්‍රමාණවත්.








මේ බලන්න එසේ පිටපත් කරන ආකාරය

අපි මේ අභ්‍යාසය පුරුදුවීම අනාගතයේ විශාල වැඩ කටයුතු කොටසක් කිරීමට අපට පහසුවක් වෙනව. 
     1 මෝස්තරයක් පිටපත් කිරීම
     2 දොරරෙදි ,මේස ඇතිරිලි, සරොම් වාටි, ආදී නිර්මාණ පහසුවෙන් නිම කරගත හැකිවීම
     3 සෑම රූපයක්ම වෙනසක් නොවී  ඒකාකාරව නිම කරගතහැකි වීම
     4 ලී කැටයම් ආදී නිර්මාන සඳහා රේඛා සටහන් ලීමත ඇඳීමට 
     5 විහාර සිතුවම් ඇඳීමෙිදී  බිත්තිමත රූප ඇඳීමට පහසුවක් වීම
  අදී බොහෝ කාර්යයන් සඳහා හොඳ පෙරහුරුවක් වෙනව. 
 දැන් අපි නිර්මාණ කිරීම ආරම්භ කරමු .ඔයාලගෙ නිර්මාණ මා වෙත පුද්ගලිකව ලබා දෙන්න. අද දිනය ඇතුලතකල නිර්මාන මා වෙත එවන්න කලබල වෙන්න එපා හෙමින් ලස්සනට නිර්මාණය කර මා වෙත එවන්න අදට අපි පාඩම මෙතනින් අවසන් කරනවා 


 ආයුබෝවන් හැමෝටම තෙරුවන් සරණයි