Wednesday 13 May 2020

චිත්‍ර කලාව -කුෂන් කවරයක් නිර්මාණය කරමු



 විෂය-  චිත්‍ර කලාව                 
      

 පාඩම -කුෂන් කවරයක් නිර්මාණය
              කරමු
 ගුරු භවතා-නුවන් ප්‍රසාද් බුද්දික මයා                       
       දිනය-          2020-05-13
    වේලාව-       ප.ව.03.00-ප.ව4.30

---------------------------------------------------------------------------------

ආයුබෝවන් සියලුම දෙනාට. අපි චිත්‍ර පාඩම මෙතනින් ආරම්භ කරමු

දැන් අපිට තියෙන්නෙ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටික නිවසේ ඉන්නගමන් පවුලේ අනෙක් අයත් සහභාගී කරගෙන මේ නිර්මාණ කරන්න පුළුවන්.

අද අපි බලමු කුෂන් කවරයක් නිර්මාණය කිරීමට පිළිබඳව.ඔයාලා හැමෝම දන්නව කුෂන් කවරයක් කියන්නේ මොකක්ද කියල. අපි මුලින්ම උදාහරණ කිහිපයක් බලමු.





අපි මෙවැනි මෝස්තර වලට "මුළුතල මෝස්තර" කියල කියනවා.ඒ කියන්නෙ මේ මෝස්තරය අපි භාවිතා කරන තලය පුරාම පැතිර තිබෙන නිර්මාණයක් නිසා.

අපි අද අඟල් 9X9 ප්‍රමාණයේ සමචතුරස්‍රාකාර කුෂන් කවරයක් නිර්මාණය කරමු

මුලින්ම ඔයාල කල යුතු වන්නේ ඔයාලගේ නිර්මාණශීලී අදහස කොලයක් මත ඇඳීමයි.මේ සඳහා පූර්ණ නිදහස ඔයාලට දෙනවා. මල් මෝස්තරයක්,හැඩතල මෝස්තරයක්,සත්ත්ව මෝස්තරයක්,ශාකපත්‍ර ආශ්‍රිත මෝස්තරයක් ආදී විවිධාකාර දේ ඔයාලට නිර්මාණයට එකතු කරන්න නිදහස තියෙනවා.

දැන් සියළු දෙනාම අඟල් 9X9 ප්‍රමාණයේ සමචතුරස්‍රාකාර කඩදාසියක තමන්ගේ  නිර්මාණය අඳින්න පටන්ගන්න මෙි සඳහා දෙමාපියන්ගේඋපකාර ලබා ගන්න.ජ්‍යාමිතික  මොස්තර නිර්මාණය කරන්නේනම් ජ්‍යාමිතික උපකරණ භාවිතා කල යුතුය. එසේත් නැතිනම් අපි කලින් පාඩමක කල පරිදි මෝස්තර ඒකකයක් නිර්මාණය කර එය තලය පුරා පිටපත් කල හැකිය.

අපි තව උදාහරණ කිහිපයක් බලමු








මේ උදාහරණත් බලමින්  ඔයාලගේ රූප සටහන අඳින්න . මම ඉන් පසුව කියල දෙන්නම් අපි කොහොමද මේ නිර්මාණය රෙදි කැබැල්ලට ලබා ගන්නෙ කියලා.

මුලින්ම ඔයාල ඇඳල එවන්න බලන්න



අපි ඊලඟට බලන්න ඕන මේ නිර්මාණය වර්ණ ගන්වන ආකාරය. මුලින්ම අපි කඩදාසිය මත අඳින රූප වර්ණ ගන්වන්න ඕන ඉන් පසුව තමයි අපි රෙද්ද මත වර්ණ ගන්වන්න ඕන.


මෙි නිර්මාණ අපි රෙදිි මත අඳිනකොට රෙදි පින්තාරු තීන්ත (fabric paint ) අපි භාවිතා කරනවා. මේ සඳහා වඩාත්ම සුදුසු රෙදි වර්ග වෙන්නෙ අමු රෙදි

අමු රෙදි පින්තාරු කිරීමට කලින් ⁣උණුවතුරෙන් සබන් දාලා සොදා ගත යුතුයි . ඇයි දන්නවද අමු රෙදි වල කැඳ වරගයක් තියෙනව ඒව සෝදල ඉවත් කර ගන්න ඕනි. සමහර අමු රෙදි සේදුවම ප්‍රමාණය අඩු වෙනව. ඒනිසා රෙද්ද හොඳින් සෝදලා වේලල මැදල ගන්න ඕනි.

ඉන් පසුව මැහුම් සඳහා ඉඩ තියල ⁣අවශ්‍ය ප්‍රමාණයට රෙද්ද කපා ගන්න ඕනි



මේ බලන්න කුෂන් කවරයක් නිර්මාණය කර එය අවසන් කරන හැටි


අපි පාඩමේ ඉතිරි ටික ඊලඟ දවසෙ කතා කරමු එ් වන තුරු ඔයාලා ලස්සන නිර්මාණයක් ඇඳල වර්ණ ගන්වල මට එවන්න  අපි අදට පාඩම අවසන් කරමු සියලුම දෙනාට තෙරුවන් සරණයි!

No comments:

Post a Comment