Tuesday 28 April 2020

I C T ක්‍රමලේඛ ගොඩනැගීම

 විෂය-  I C T 
       
 පාඩම - ක්‍රමලේඛ ගොඩනැගීම


 ගුරු භවතා- ප්‍රදීප් සංජීව හේරත් මයා

       දිනය-          2020-04-28
    වේලාව-   පෙ .ව.8.00-පෙ.ව.10.00

-------------------------------------------------------

ආයුබෝවන් දරුවෝ හැමෝටම,

අද මම ඔයාලට කියලා දෙන්නේ කලින් දවසේ පටන් ගත්ත ක්‍රමලේඛ ගොඩනැගීම කියන පාඩමයි. කලින් දවසේ දාපු සටහන ලියා ගන්න ඇති කියලා මම හිතනවා. ඒ සටහන් ටිකට අදාල හඩපට කිපයක් මම දැන් දමන්නම්. හොදින් ශ්‍රවණය කර සටහන් සමග පාඩම තේරුම් ගැනීමට උත්සාහ කරන්න.



හඬ පටය 01 මෙතැනින්

හඬ පටය 02 මෙතැනින්


හඬ පටය 03 මෙතැනින්












සෞඛ්‍යය-පළමු වාරයේ ප්‍රශ්ණ පත්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රයක්

 විෂය-  සෞඛ්‍යය      
 පාඩම -පළමු වාරයට අදාළ ප්‍රශ්ණ 
            පත්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රයක් 
 ගුරු භවතා-ප්‍රදීප් නිශ්ශංක මහත්මා
       දිනය-          2020-04-28
    වේලාව-       ප.ව.04.00-ප.ව.06.00

--------------------------------------------------------------------------------

ආයුබෝවන් පුතේ.අද සෞඛ්‍ය අපිට තියෙන්නෙ දැන්.අපි පළමු වාරයට අදාලව ප්රශ්න පත්‍රයකට පිළිතුරු ලියමු නේද.මේ ප්රශ්න වලින් පස්වන ප්රශ්නය දක්වා පිළිතුරු ලියන්න දැන්.ඔයාගෙ පිළිතුරු    මට එවන්න මේ අංකයට 0711430650.


  

සංගීතය - නව නාට්‍ය ගී

විෂයය - සංගීතය
පාඩම - නව නාට්‍ය ගී
ගුරුවරයා- ජනක ප්‍රසන්න මායාදුන්න මයා
දිනය- 2020-04-28
වේලාව- ප.ව. 4.00-5.30







ආයුබෝවන් දරුවනේ
පහුගිය පාඩමෙන් අපි  කතා කළේ නූර්ති ගීත ගැන. අද අපි කතාකරමු නව නාට්‍ය ගීත ගැන
මොනවද නව නාට්‍ය ඒ කියන්නේ
නව නාට්‍ය ගී

ශ්‍රී ලංකාවේ නව නාට්‍ය සම්ප්‍රදායේ ආරම්භය යැයි සැලකෙන්නේ  1956 වර්ෂයේ දී ය. ඒ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයෙන්. එසේ නිර්මාණය වූ නාට්‍ය ය, කොටස් දෙකකට වර්ග කර දැක්විය හැක.

01. ශෛලිගත නාට්‍ය
02. අර්ධ ශෛලිගත නාට්‍ය
ග්‍රාමීය ප්‍රදේශ වල දකින්නට ලැබුණු ගැමි  නාට්‍ය වර්තමානයේ දක්නට ලැබෙන නව නාට්‍ය ශෛලිය සඳහා ඉවහල් වී ඇති බව නාට්‍ය කරුවන් ගේ අදහසයි. පුරාවෘත්ත, ගැමි ජනසෘතිය, ආගමික සංසිද්ධීන් වැනි දෑ නාට්‍යානුසාරීව දැක්වීම නව නාට්‍ය කලාවේ ක්‍රමවේදය යි.

නාට්‍යයක අවස්ථා තීව්‍ර කර දැක්වීමටත්, අවස්ථාවට ගැළපෙන පරිසරය මවා පෙන්වීමටත්, සංගීතය අත්‍යවශ්‍යම කාරණයක් වන හෙයින් සංගීතය වනාහි නව නාට්‍ය සම්ප්‍රදාය සඳහා අත්‍යවශ්‍ය ම කලා අංගයක් ලෙස පිළිගන්නට පටන් ගැනුණි.
බොහෝ අවස්ථාවල දී නව නාට්‍ය විරිත් අනුව රචනා වී තිබීම හේතුවෙන් නළු නිළියන්ට ගීත ගායන හැකියාව තිබීම අත්‍යවශ්‍ය කාරණයක් විය. ගායනයත් සමගම රංගනයද කෙරෙන බැවින් නළු නිළියන්ට විශේෂයෙන්ම රංගන කුසලතාවයන්ට අමතරව ගායන කුසලතාව ද තිබීම අත්‍යවශ්‍යය. පැරණි නාට්‍ය ගීත වලට වඩා වර්තමාන නව නාට්‍ය ගීත සාපේක්ෂව සරල ස්වභාවයක් පෙන්නුම් කරයි. නමුත් ඇතැම් අවස්ථා වලදී පැරණි නාඩගම් සම්ප්‍රදායේ ඡායාවන් දැකගත හැකි අවස්ථා නැතුවා ම නොවේ. ඒ කෙසේ වෙතත් සාම්ප්‍රදායික නිර්මාණයන්හි අංග ආරක්ෂා කර ගනිමින් නිර්මාණකරණයේ යෙදීමට නිර්මාණ කරුවන් උත්සුකවනු දක්නට ඇත. උදාහරණ වශයෙන්,

සිංහබාහු මනමේ ගීත වලට වඩා කාල ගෝල නාට්‍ය ගීතය ට විවිධ සංගීත භාණ්ඩ රැසක් භාවිතා කිරීම.

අත්වැල් ගායක කණ්ඩායමක් සහභාගි වීම.
දැන් අපි බලමු නම නාට්‍ය ගීත ගැන විස්තර ටිකක්





එහෙනම් ඊළඟ දවසේ නව නාට්‍ය ගීත ගායනා කරමු.
සුභ දවසක් ....