Wednesday 22 April 2020

සංගීතය-නූර්ති ගීත

  
 විෂය-  සංගීතය       
 පාඩම -නූර්ති ගීත
 ගුරු භවතා-ජනක මායාදුන්නේ මයා

       දිනය-          2020-04-22
    වේලාව-       ප.ව.04.30-ප.ව.06.00
----------------------------------------------

ආයුබෝවන්  ළමයි. අපි දැන් සංගීත පාඩම පටන් ගන්න හදන්නේ

නූර්ති ගී

මේ වෙලාවේ පාඩමට සම්බන්ධ වෙන ළමයි හැමෝම නම ටයිප් කරගෙන යන්න බලන්න

නූර්ති 


1850 න් පසු ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය පාලනය ස්ථාපනය වීමත් සමග වරින් වර විවිධ වූ ක්ෂේත්‍රයන් හා සම්බන්ධ  කණ්ඩායම් ලංකාවට ගෙන්වීය. ආශ්වාදය උදෙසා මෙරටට ගෙන්වූ සර්කස් කණ්ඩායම් සංගීත කණ්ඩායම් අතුරින් කේ එම් බලිවාලා නම් සංගීතඥයා ඇතුළු නෘත්‍ය කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළ එල්පින්ස්ටන් නාට්‍ය සමාගම (elphinston dramatic company)  නමින් නෘත්‍ය රඟ දක්වා ඇත. මේ වන විට පිරිහෙමින් තිබුණු නාඩගම් සම්ප්‍රදාය යුගයේ ආර්ථික සාමාජික සංස්කෘතික වෙනස්කම් වලට ඒ අනුව යාවත්කාලීන කිරීමේ අරමුණින් යුතුව සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාරයන් සිංහල නූර්ති රංග දැක්වීම ආරම්භ කර ඇත. ඔහු විසින් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නූර්තිය ලෙස රොලීනා හෙවත් දිව්‍ය කුසුම නම් නූර්තිය නම් කළ හැක. මෙසේ විකාශනය වූ නූර්ති රංග සම්ප්‍රදාය වෙනුවෙන් පසු කාලීනව අති විශිෂ්ට මෙහෙයක් කරවූවන් ලෙස නීතිඥ ජෝන් ද සිල්වා නීතිඥ චාල්ස් ඩයස් හඳුන්වා දිය හැක.

අපි දැන් නූර්ති ගීත ටිකක් බලමු

නූර්තිය  - වෙස්සන්තර

නිශ්පාදක - නීතිඥ  ජෝන් ද සිල්වා බෝ දොස් කියා  මාගෙ  බෝ දොස් කියා
සිව් දේශේ වැසියෝ කිපී ...//
පන්නා  මා ලූය මෙ  වන....//
බෝ දොස් කියා  මාගෙ  බෝ දොස් කියා

දාසින් ලබා ගෙනා සම්බ වෙන්ට සුන්දරී..//
යන්නට හැකි වේදෝ...//
දානෙ දෙයිද වෙස්සන්තර...// 






මේ සටහන් ව්‍යවහාරික කොටසේ සටහන් කර ගත යුතුයි. එසේම පහත වීඩියෝ අධ්‍යනය කර, එම ගීත හොඳින් පුරුදු පුහුණු වන්න.එසේ  පුරුදු පුහුණු වූ ගීත මා වෙත යොමු කරමින් අඩු පාඩු සකසා ගනිමු.













දැන් "බෝ දොස් කියා" ගීතය ද ගායනා කරල පෙන්වන්න බලන්න

හැමෝම

අයහපත් කාලගුණික තත්වය නිසා ටික වෙලාවකට මම සමු ගන්නවා.හැමෝම මට ගායනා කරලා කරලා එවන්න

"බෝ දොස් කියා..." ගීතය ඇතැම් අය chorus ස්ථායි කොටස ගයනව වැරදියි පුතේ. ඒ නිසා ස්ථායි කොටස මා ගයා පෙන්වන්නම්









                                                                          🙏🙏   

චිත්‍ර කලාව- ස්වාභාවික මතුපිටක චිත්‍ර අඳිමු


   විෂය-   චිත්‍ර කලාව                  
         

   පාඩම -ස්වාභාවික මතුපිටක
              චිත්‍ර අඳිමු 


   ගුරු භවතා-නුවන් ප්‍රසාද් බුද්දික මයා                        


       දිනය-          2020-04-22
    වේලාව-       ප.ව.03.00-ප.ව.04.30
----------------------------------

ආයුබෝවන් දරුවනේ

අද චිත්‍ර පාඩම තුලින් අපි 8 වසර ඔබට අළුත් වැඩක් කරන්න උත්සහ කරමු චිත්‍ර ශිල්පි⁣යෙකුට තිබෙන සුවිශේෂි වරමක් තමයි සීමාවකන් තොරව තම නිර්මාන ඉදිරිපත් කිරීමේ හැකියාව

චිත්‍රපොත ,කැන්වසය මූලිකව අපි සිතුවම් ඇඳීමට භාවිතා කලත් ප්‍රාග්⁣⁣⁣⁣ ඓතිහාසික යුගයේදී පවා මිනිසා සිතුවම් ඇඳි බවට සාධක පවතී

අදඅප බලාපොරොත්තු වන්නේ එවැනි කටයුත්තක යෙදෙන්න මේ සඳහා පවුලේ සාමාජිකයන් සහභාගීකරගැනීමටත් ඔබට හැකියාව තියෙනව

මම කලින් පාඩම අවසානයේ කීව පරිදි අමුද්‍රව්‍ය ඔබ සපයාගෙන ඇතැයි මම සිතනව ⁣මෙහිදී මා විසින් සපයාගත් අමුද්‍රව්‍ය කිහිපයක් ඉදිරිපත් කරන්නම් ඉන් 1ක් ගෙන අද පාඩම ඉදිරියට පෙලගස්වමු

# ඉවත දමන මැටි මුට්ටියක්
# පිරිසිදු කරගත් ස්වහාවිකව හැඩවු ගලක්
# වියලි ලී පොත්තක්
# කිරිවානා ගල් පතුරක්
# වියලි පත්‍රයක්
# පිරිසිදු කරගත් ලී කැබැල්ලක්

මේ උදාහරණ කිහිපයකි මෙම ද්‍රව්‍ය අපට සිතුවම් ඇඳීමට මතුපිටක් ලෙස භාවිතා කල හැක අපි බලමු මැටි මුට්ටියක් මත පහසුවෙන් සිතුවමක් කරන හැටි










චිත්‍ර දරුවන් වෙත මා රූපසටහන් ඉදිරිපත්කරන්නම් ඔයාලත් ඔයාලට හැකි මට්ටමින් නිර්මාණයක් කරල මට එවන්න






මුලින්ම මෙි අයුරින් පැන්සලෙන් තමන් කැමති මෝස්තරයක් හෝ සිතුවමක් මුට්ටය මත අඳින්න

ඉන් පසුව සුදුපාටින් ඒ කොටස පා කරගන්න ඕන හේතුව පසුව අපි එකතු කරන වර්ණවල අලංකාරය අපිට රැකගත හැකිවන්නේ එවිටයි මේ අවස්ථාවේ මා හට සුදු වර්ණය සපයා ගැනීමෙි ගැටළුවක් පවතින බැවින් මා වෙනත්වර්ණයක් භාවිතා කරනව

ඔබට පැස්ටල් ,ඇක්‍රලික් ෆැබ්රික් පේන්ට් ,ලැකර් ,ඉමල්ෂන් ආදී ඕනෑම වර්ණ මාධ්‍යක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්






ඔයාලට ගැටළු තියෙනවනම් මා වෙත පුද්ගලිකව එවන්න


මා ඊලඟට ඉදිරිපත් කරන්නම් මා විසින් එසේ  නිර්මාණය කල නිර්මාන කිහිපයක්











මේ  මගේ මිතුරෙකු විසින් ලී කැබැල්ලක් පුළුස්සා කල නිර්මාණයක්



මම බලාපොරොත්තු වෙනව හැමෝම අළුත් නිර්මාණයක් ඉදිරිපත් කරයි කියල මේ කරන වැඩ පරෙස්සම් කරල තයාගන්න ඕන පාසල ආරම්භ කල පසු සියලුම පැවරුම් අපි එකතු කරනව

මේ වෙලාවෙ චිත්‍ර පාඩමට සම්බන්ධවු දරුවන්ට දෙමාපියන් උපකාර කරන්න. අපි ඊලඟ  පාඩමෙන් තවත් අළුත් වැඩක් කරමු. සියළුම දෙනාට තෙරුවන් සරණයි  අභ්‍යාස අවසන් කල දරුවන් මා වෙත ලබා දෙන්න කාලය අරගෙන අනෙක් ගුරුවරුන්ගේ වැඩත් අතපසු නොවන පරිදි කටයුතු කරන්න 


ආයුබෝවන් හැමෝටම..............



ඉතිහාසය-උඩරට රාජධානිය


විෂය-   ඉතිහාසය       
             
පාඩම-  උඩරට රාජධානියේ 
            නායක්කර් පෙළපත සහ 
            ඔවුන්ගේ පාලනය

ගුරු භවතා- නිශාන්ත ලාල් රණසිංහ මයා 

    දිනය-          2020-04-22
  වේලාව-       පෙ.ව.10.00-ප:ව12.30


       # පාඩම සදහා දරුවෝ හැමෝම පහළ ඇති හඩ පටයට    
          සවන් දෙන්න

                                      හඩ පටය 01මෙතැනින්🔊

                                                         
                                      හඩ පටය 02මෙතැනින්🔊



         


                                   





                                       

නර්තනය-"පහතරට බෙරය" හඳුනා ගනිමු


   විෂය- නර්තනය 
         

   පාඩම-  "පහතරට බෙරය"
                 හඳුනා ගනිමු


   ගුරු භවතා- විරාජ්                 ජයවර්ධන මයා       


       දිනය-          2020-04-22
    වේලාව-       ප.ව.01.30-ප.ව.03.00
---------------------------------------------------------------------------------
නර්තනය ඉගෙන ගන්න අපේ දරුවෝ ඉන්නවනම් මගේ whatsapp එකට 🙏🙏කියලා දාන්න
ආයුබෝවන් දරුවනේ🙏
අපි නර්තන විෂය ඉගෙන ගන්නයි යන්නේ
අද පාඩම් දෙකක් කරන්නයි මගේ අදහස.එයින් පළමු පාඩම "පහතරට බෙරය"

හඳුනාගනිමු........







මේ තියෙන්නෙ ලංකාවේ පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය....මේක
 පහතරට බෙරය.......

මේකට කියන තව නම් තිහිපයක් තියෙනවා......

දෙවොල් බෙරය
යක් බෙරය
දිග් බෙරය
මිහිඟු බෙරය
ඝෝෂක බෙරය
රුහුණු බෙරය

තමයි ඒ නම්

මේවා සටහන් කරගන්න....

#දෙවොල් මඩු ශාන්ති   කර්මය ආදී පහතරට සියලු ශාන්ති කර්ම වලට
       උදා= #දෙවොල් මඩුව
                 #ගම්මඩුව
                 #සන්නි යකුම
                 #රිද්දි යාගය
                 #මහසොහොන්       
                    සමයම
                 #පහතරට බලි
                   ශාන්තිකර්මය
ආදි සියල්ලන්ටම  ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස භාවිතා වෙනවා.


#පහතරට සම්ප්‍රදායේ ගැමි නාටකය වන "කෝලම් නටකය" සඳහාද....
 ප්‍රධාන වාද්‍ය භාණ්ඩය මෙ⁣ම බෙරයයි.

ඒ වගේම පුතේ........
මෙම බෙරය
#පෙරහැර වල නර්තනයට වාදනය සැපයීමට
#පිරිත් පිංකම් සඳහා මඟුල් බෙර වාදනයට 
#වෙනත් විවෘත කිරීම් වලට මගුල් බෙර වාදනය සඳහා
#සංදර්ශණ අවස්ථා වලදී

   නර්තනය සඳහා වාද්‍ය භාණ්ඩයක් විදියට

   මෙම බෙරය යොදා ගන්නවා
ඒ වගේම විශේෂයෙන් ලංකාවේ පහතරට ප්‍රදේශයේ.........
# විහාරස්ථාන ආශ්‍රිතව පෝය හෙවිසි වාදනයට 
මෙම බෙරය යොදා ගන්නවා.........

# මංගල පෝරු⁣වේ චාරිත්‍ර වලදීද ඇතැම් විට පහතරට ප්‍රදේශ වල යොදාගන්නවා......

ඇයි මං ඇතැම් විට කියලා කිව්වෙ.........

මේ බෙරයේ හඬ් එක්ක නිතරම බැඳිලා තියෙන්නෙ මහ ගුප්ත ස්වභාවයක්

ඒක අපේ පපුවේ ගැඹුරටම දැනෙන මහ භයංකාර සද්දයක් කියලයි අපට දැනෙන්නෙ.......

ඒ නිසා මංගල පෝරු ආදියේදි බහුලව යොදාගන්නෙ නෑ

හොඳයි දැන් මේ බෙරය සකසා තිබෙන්නේ මොනවායින්ද කියලා බලමුකෝ.........

මේ බෙරයට බහුලව යොදාගන්නවා කිතුල් ගසේ කඳ.........
ඒ වගේම
  ඇහැල
  කොහොඹ
   කොස්
   මිල්ල

වගේ තද අරටු ඇති ලී වර්ගත් යොදා ගන්නවා

ඒ වගේම බෙර ඇස් දෙකට(දෙපස මුහුණත් වලට" 
හරකාගේ කිරි බොක්කේ 

සිවිය තමයි යොදා ගන්නේ

වරපටි වලට,කැපුම් හම්,හැක්ම,ආදියට හරක් හම් යොදාගන්නවා.....

මෙම බෙරය තනිකරම සිලින්ඩරාකාරයි.....

ඒ වගේම සතෙකුගේ බොකු සිවිය යොදා වාදනය කරන ලංකාවේ එකම බෙරයද මෙයයි




මේ තමයි පුතේ පහතරට බෙරයේ කොටස් නම් කරලා තියෙන රූප සටහනක්

හොඳින් බලන්න ඒ සටහන

බලලා යට තියෙන හඬ පටයට ඇහුම්නක් දෙන්නකෝ.......



                                       හඬ පටය මෙතැනින් 🔊

⁣හොඳයි මේ කරුණුත් මතක තියාගන්න පසුවට දෙන අභ්‍යාසයට.........
පහතරට බෙරයෙන් වාදනය වන විශේෂ අංග.....
මඟුල් බෙර
වන්දමානම්
සවුදම්
දැකුම් අත්

පිං බෙර

මේ බෙරයේ දිග
#තුන්වියත් තුනඟුලයි

බෙර ඇසෙහි විශ්කම්භය....

අඟල් 9ක් හෝ 9.5.......9.75....ආදී ලෙස සැකසේ....

හොඳයි පුතා දැන් යොමු කරනවා.....ඔබේ විෂය නිර්දේශයට නියමිත අතිරේක කියවීම් පොතේ සටහන ඒකත් හොඳින් කියවන්න.......
















මීට අමතරව......ඡායාරූප කිහිපයක් සහ කෙටි වීඩියෝ කිහිපයක් මම යොමු කරනවා........


















මේ වීඩියෝ පට ඉතා සාවධානව නරඹන්න......ඩේටා තියෙන හැටියට............පාඩම හොඳින් රසවිඳින්න........

පහතරට බෙරය ගැන හොඳ අටබෝධයක් ලබන්න

හැකිනම් youtube එකේ පහතරට බෙරය කියා හෝ pahathatara beraya.... විදියට ටයිප් කරලා තව බලන්න......

දැන් පහත අභ්‍යාසය කරන්න





මේක සම්පූර්ණ කරලා.......මගේ whatsapp එකට දාන්න....

හොඳයි අදට පාඩම ඉවරයි පුතාලා........

තෙරුවන් සරණයි හැමෝටම...........පරිස්සමින් ඉන්න........ආයුබෝවන්

                                             🙏🙏