Thursday 30 April 2020

ගණිතය -8 පාඩම..වර්ගමූලය

 විෂය-  ගණිතය
       
 පාඩම -8..වර්ගමූලය


 ගුරු භවතා-ජී රාජික මනෝජ් මයා

       දිනය-          2020-04-30

    වේලාව-   පෙ .ව.8.00-පෙ.ව.10.00















\



                          හඬ පටය මෙතැනින්





දෙමළ භාෂාව - கண்காட்சி - ප්‍රදර්ශනය- දෙවන කොටස

 විෂය-  දෙමළ  භාෂාව    
 පාඩම -5ம் பாடம் - 5 වැනි පාඩම
            2 ம் பகுதி (செயற்பாடு 7 முதல் 12 வரை)
                දෙවන කොටස (ක්‍රියාකාරකම 7 සිට 12 දක්වා)
            கண்காட்சி - ප්‍රදර්ශනය
 ගුරු භවතා-චන්දන රාජමන්ත්‍රී මහත්මා

       දිනය-          2020-04-23
    වේලාව-   ප .ව.4.00-ප.ව.6.00

-----------------------------------------------------------







සුභ සන්ධ්‍යාවක් දරුවනේ. கண்காட்சி හෙවත් ප්‍රදර්ශනය පාඩමේ 1 සිට 6 දක්වා  ක්‍රියාකාරකම් පිළිබඳව මේ වන විට අපි කතා කරලා අවසන්. අද පාඩම එතැන් සිට

பாடம் - கண்காட்சி
2 ம் பகுதி (செயற்பாடு 7 முதல் 12 வரை)

 පාඩම - ප්‍රදර්ශනය 
දෙවන කොටස (ක්‍රියාකාරකම 7 සිට 12 දක්වා)

                    හඬ පටය 01 මෙතැනින්

செயற்பாடு 07
உரையாடல்கள்




                        හඬ පටය 02 මෙතැනින්




                    හඬ පටය 03 මෙතැනින්




                      හඬ පටය 04 මෙතැනින්





                    හඩ පටය 05 මෙතැනින්




                    හඬ පටය 06 මෙතැනින්


විනාඩි 10ක කාලයක් තුළ නැවතත් හඬපට අහන්න. ක්‍රියාකාරකමේ දෙබස් එක්ක. අවශ්‍ය දේවල් සටහන් කර ගන්නත් අමතක කරන්න එපා.

 செயற்பாடு 08
 நிகழ்கால வினைச்சொற்கள்
වර්තමානකාල ක්‍රියා පද

 දෙමළ භාෂාවේ වර්තමාන කාල ක්‍රියා පද සකස් කර ගැනීමේදී විශේෂ ක්‍රමයක් අනුගමනය කරනු ලබයි.  මෙහිදී ක්‍රියා පදවල මූලික ස්වරූපය අගට යොදාගනු ලබන විශේෂ ප්‍රත්‍ය කිහිපයක් හඳුනාගත හැකි අතර, යෙදෙන සර්වනාමය අනුව ඒවා එකිනෙකට  වෙනස් වේ.

                     හඬ පටය 07 මෙතැනින්



01 = සර්වනාමය 
02 = ප්‍රත්‍ය         
      
       01                      02 

     நான்                   ஏன்

     நாங்கள்             ஓம்

     நீ                         ஆய்

    நீங்கள்               ஈர்கள்

    அவன்                ஆன்

    அவள்                 ஆள்

    அவர்                   ஆர்

  அவர்கள்            ஆர்கள்

   அது                     அது

  அவை                 அன



                     හඬ පටය 08 මෙතැනින්

நான் - නාන් (මම)

நாங்கள் - නාංගල් (අපි)  
    
நீ - නී (ඔබ)  
                  
நீங்கள் - නීංගල් (ඔබ/ඔබලා)   
           
அவன் - අවන් (ඔහු)    
        
அவள் - අවල් (ඇය)   
           
அவர் - අවර් (එතුමා/එතුමිය)         
      
அவர்கள் - අවර්හල් (ඔවුන්)       

அது - අදු (එය/ඌ)   
              
அவை - අවෛ (ඒවා/උන්)

                         හඬ පටය 09 මෙතැනින්


ඉහත දක්වන ලද සර්ව නාම පද අනුව,
 ක්‍රියාපදවල මූලික ස්වරූපයන්ට ප්‍රත්‍යයන් එක් වී එකී ක්‍රියා පදවල 
වර්තමාන කාල ස්වරූපයන් නිර්මාණය වේ.
 එලෙස එක් ක්‍රියා පදයක් නිර්මාණය වන ආකාරය පහත දැක්වේ. 

பாடு - ගයනවා 
යන ක්‍රියා මූලය ඉහත ප්‍රත්‍යයන් සමග එක් වීම මගින්
 පහත පරිදි ක්‍රියාපද නිර්මාණය වේ. 

 நான் -- பாடு + கிற + ஏன் = பாடுகிறேன் 

 நாங்கள் -- பாடு + கிற + ஓம் = பாடுகிறோம் 
    
 நீ -- பாடு + கிற + ஆய் = பாடுகிறாய் 
                  
 நீங்கள் -- பாடு + கிற  + ஈர்கள் = பாடுகிறீர்கள் 
           
 அவன் -- பாடு + கிற + ஆன் = பாடுகிறான் 
        
 அவள் -- பாடு + கிற + ஆள் = பாடுகிறாள் 
           
 அவர் -- பாடு + கிற + ஆர் = பாடுகிறார்    
      
 அவர்கள் -- பாடு + கிற + ஆர்கள் = பாடுகிறார்கள்     

 அது -- பாடு + கிற + அது = பாடுகிறது 
              
 அவை -- பாடு + கின்ற + அன = பாடுகின்றன


                     හඬ පටය 10 මෙතැනින්




                         හඬ පටය 11 මෙතැනින්






                       හඬ පටය 13 මෙතැනින්







                     












සියලුම දරුවන් පාඩම නැවත අහන්න. සියලුම ක්‍රියාකාරකම් වලට පිළිතුරු සම්පූර්ණ කර මා වෙත යොමු කරන්න. තවත් අලුත් දවසක යළිත් හමුවෙමු. සුභ දවසක් වේවා..!!!

Wednesday 29 April 2020

නර්තනය -"භරත නාට්‍යම්" හඳුනා ගනිමු

    විෂය- නර්තනය               
         

  පාඩම -"භරත නාට්‍යම්" හඳුනා ගනිමු
             
  ගුරු භවතා-විරාජ් ජයවර්ධන මහත්මා                       
      දිනය-          2020-04-29
    වේලාව-       පෙ.ව.11.00-ප.ව.12.30

--------------------------------------------------------------------------------- හොඳයි පුතාලා..........ආයුබෝවන් හැමෝටම.........

කෝ බලන්න නැටුම් කරන පුතාලා ඉන්නවද?

අද අපි ඉන්දියානු නර්තන සම්ප්‍රදායක් ගැන ඉගෙන ගනිමු............

ඒ තමයි "භරත නාට්‍යම්" කියන නර්තන කලාව.........

මේක ගොඩාක් විශේෂ එකක්..........
දැන් මම  ඡායාරූප ටිකකුයි වීඩියෝ කිහිපයකුයි එවනවා 

මුලින්ම ඒ ටික බලන්නකෝ පුතේ .



























මේ එවලා තියෙන ඡායාරූපයේ නර්තන ශිල්පිණියගේ මුහුණේ ඉරියව් හොඳට බලන්න....ආභරණ බලන්න..



                                    







හොඳයි දැන් පුතාලට භරත නාට්‍යම් පිළිබඳ තොරතුරු දන්නෙ නැතිවුණත් ලෝකෙ මොනතරම් නර්තන සම්ප්‍රදායන් අතරේවුණත් මේ භරත නාට්‍යම් සම්ප්‍රදාය වෙන්කරලා හඳුනාගන්න පුලුවන් ඇති කියලා මමහිතනවා.........


අද මුලින්ම මම ප්‍රශ්න ටිකක් එවනවා........... 
ඒවට පිළිතුරු පසුවට එවන සටහන් වලින් හොයලා ලියන එක තමයි අභ්‍යාසය....
තේරුණා නේද?


1=මෙම නර්තන සම්ප්‍රදාය ඉන්දියාවේ කුමන කොටසක කුමන ප්‍රාන්තයක කුමන ප්‍රදේශයක් මූලික කරගෙන ආරම්භ වූයේද?
2=මෙය බිහිවීමට කුමන ආගමක් මූලික වූයේද?........
3=මෙම නර්තන සම්ප්‍රදාය බිහිවීමට බලපෑ අතීත නර්තන වර්ගයක් ලියන්න...
4=ඒවා රඟ දැක්වූ අය කවුරුන්ද?
ඔවුන් කුමන කටයුත්තක් කළ අයද?
5=මෙම නර්තන සම්ප්‍රදාය ඉගැන්වීමට ඇති විශේෂිත ආයතනය කුමක්ද?
6=මෙම නර්තන සම්ප්‍රදාය
ඉගෙන ගන්නා ආධුනික ශිෂ්‍යාවක් විසින් ප්‍රගුණ කලයුතු මූලික සරඹ වර්ග මොනවාද?
7=භරත නාට්‍යම් ගුරුවරයා කුමන නමකින් හැඳින්වේද?
8=සියලු චරිත එක් අයෙකු විසින් නිරූපනය කෙරේ යන අර්ථ නිරූපණයට නාට්‍ය ශාෂ්ත්‍රයේ කුමක් සඳහන් වෙයිද?
9=මෙම සම්ප්‍රදායට භරත නාට්‍යම් යන නම යෙදීමේ ගෞරවය හිමිවන්නේ කාටද?
10=තන්ජාවුර් සොහොයුරන් 4දෙනා නම්කරන්න
11=ඔවුන් මෙම සම්ප්‍රදාය වෙනුවෙන් කුමක් සිදුකර ඇත්ද?
12=භරත නාට්‍යම් සංදර්ණයක අංග අනුපිළිවෙල ලියාදක්වන්න
13=මෙ සම්ප්‍රදාය උගත් විදේශීය ශිල්පිණිය කවුද
14=භරත නාට්‍යම් ශිල්පිණියන් සහ ශිල්පීන් 06දෙනෙකුගේ නම් ලියන්න
15=භරත නාට්‍යම් සඳහා කුමන සංගීත සම්ප්‍රදායක් භාවිතා වේද?17
16=ප්‍රධාන අවනද්ධ ⁣වාද්‍ය භාණ්ඩය හෙවත් බෙරය කුමක්ද?
17=තාලම්පට කුමන නමකින් හැඳින්වේද?
18=අමතරව යොදා ගක්කා සංගීත වාද්‍ය භාණ්ඩ05ක් ලියන්න
19= භරත නාට්‍යම් සංගීත ශිල්පීන් හඳුන්වන නම කුමක්ද?
19=පිරිමි ඇඳුම් කට්ටලයේ කොටස් ලියන්න....
20=කාන්තා ඇඳුමෙහි වර්ග 3ක් පවතී.ඒ මොනවාද?
21=නිළියක් හිසට පළඳින ආභරණ මොනවාද?
22=කණට,නාසයට,⁣බෙල්ලට,උරහිසට,අත්වලට,පාද වලට වෙන වෙනම         පළඳින ආභරණ නම් කරන්න......
23=මුද්‍රා යනු මොනවාද?
24=තනි අතකින් සහ අත් දෙකෙන්ම පෙන්වන මුද්‍රා හඳුන්වන නම්                මොනවාද,ඒවා ගණනින් කීය බැගින්ද?


භරත නාට්‍යම් පිළිබඳ pdf ඇමුණුම01මෙතැනින්







ඒ වගේම තමයි...... මේ නර්තන කලාවේ 
සියලු අර්ථ ඉදිරිපත් කිරීම් කරන්නෙ මුද්‍රා භාවිතයෙන්.........
ඒ මුද්‍රා #සංයුත හස්ත(අත් දෙකෙන්ම මුද්‍රාව පෙන්නලා කරන ඒවා)24

#අසංයුත හස්ත(තනි අතකින් මුද්‍රා පෙන්නලා  කරන ඒවා)28

ඒවගේම සිරස හෙවත් ඔළුවේ යම් ටම් චලන මගින් භාවයන් නි
රූපනය කරන ක්‍රම තියෙනවා ඒවාට #ශිරෝ බේදා......කියනවා...

බෙල්ලෙනුත් එහෙමයි ඒවාට #ග්‍රීවා බේදා කියනවා

ඇඳුම් පැලඳුම් ආභරණ එවන්නම්











හඬ පටය 01 මෙතැනින්






මම හිතනවා පුතාලට හොඳ අවබෝධයක් භරත නාට්‍යම් පිළිබඳව දැන් තියෙනවා............
ප්‍රශ්ණ වලට පිළිතුරු ලියන ගමන් ඒ ප්‍රශ්ණයේ සහ පිළිතුරේ තියෙන කරුණ ඉතා හොඳින් අවබෝධ කරගන්න............










මේ තියෙන්නෙ පුතාලගෙ විෂය නිර්දේශයට අදාළ අතිරේක කියවීම් පොතේ භරත නාට්‍යම් ගැන තියෙන සටහන.......ඒකත් ඉතා හොඳින් කියවන්න..........හැම දේම අවබෝධ කරගෙන පිළිතුරු සපයන්න.........
⁣එහෙනම් හැම පුතෙකුටම තෙරුවන් සරණයි.......පරිස්සමින් ඉන්න.....
🙏 🙏🙏🙏🙏
ඒවගේම තමයි දැන් ඉතිහාසය පාඩමට ලෑස්ති වෙන්න පුතේ ඉන් පස්සෙ 
චිත්‍ර සහ සංගීතය විෂය සර්ලා උගන්වාවි..........


චිත්‍ර කලාව -සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නව නිර්මාණයක් කරමු

   විෂය-   චිත්‍ර කලාව                  
         

   පාඩම -සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින්
              නව නිර්මාණයක් කරමු


   ගුරු භවතා-නුවන් ප්‍රසාද් බුද්දික මයා                        


       දිනය-          2020-04-29
    වේලාව-       ප.ව.03.00-ප.ව.04.30

------------------------------------------------------------------------------

ආයුබෝවන් දරුවනේ අද දහවල් යෙදී තිබුන චිත්‍ර පාඩම හදීසි කටයුතු කිහිපයක් යෙදුන බැවින් කල නොහැකි විය. නමුත් දැන් අපට පාඩම සමඟ සම්බන්ධ විය හැක

මේ නිවාඩුව අලුතින් වැඩක් කරන්න අපට ලැබුන අවස්ථාවක් අපි පසුගිය පාඩම් වලදී එවැනි නිර්මාණ සිදුකිරීමට කටයුතු කලා .සතුටින් කිවයුතු දෙයක් තිබෙනව ,අපේ දරුවො ඇත්තටම හොඳ නිර්මාණ මට එවල තිබුන.

අද අපි සාම්ප්‍රදායික මෝස්තර ආශ්‍රිතව නිර්මාණයක් කරන්න බලමු 

   සාම්ප්‍රදායික සත්ත්ව රූප අශ්‍රිත නිර්මාණයක්






මේ බලන්න අපි නිතර නිතර දකින මෝස්තර කිහිපයක්

මම අද ඔයාලට දෙන පැවරුම බලමු 

මුලින්ම ඔබ කැමති සත්ත්වයාගෙ මෝස්තරයක් තෝරාගන්න. මා මෙහි දුන් උදාහරණ වලට අමතරව වෙනත් සත්ත්ව රූප ආශ්‍රිත මෝස්තර ඔබට භාවිතා කල හැක

එම මෝස්තරය අඟල්1.5 X 3  ප්‍රමාණයේ කඩදාසියක් මත හෙමින් කාලය අරගෙන රේඛාවෙන් පමණක් අඳින්න. 


අපි මෙි නිර්මාණය කරනු ලබන්නේ අච්චුවකි දැන් එම රූපය ඇඳි කොලයේ පිටුපස පැන්සලෙන් හොඳින් පාට කරන්න සම්පූර්ණයෙන්ම





 දැන් වැඩේ කොටසක් අවසන්.
ඊ ලඟට ඔබේ චිත්‍රය අඳින කඩදාසිය ගෙන එහි මැදින් අඟල් 1.5ක තීරුවක්  අඳින්න. අපි අපේ අචිචුව අරගෙන එය මෙම තීරුව තුල තබා අපේ මෝස්තරය මත පැන්සලෙන් අඳින විට යටින් චිත්‍ර කඩදාසිය මත අපේ මෝස්තරය පිටපත් කර ගත හැකියි.ඒ අයුරින් එකම සත්ත්ව රූපයේ පිටපත් තීරැවක් ආකාරයට නිර්මාණය කරගත හැකියි.













මේ තියෙන්නේ මා විසින් කරන ලද නිර්මාණ කිහිපයක්

ඔයාල⁣ගෙ නිර්මාණයත් මේ වගේ කරන්න උත්සහ  කරන්න


දැන් තියෙන්නේ ඊලඟ ⁣වැඩේ. සිතුවම් තීරය වර්ණ ගැන්වීම.

මෙි සඳහා අපි පැන්සල පමණක් භාවිතා කරමු 



අපි වර්ණ කරන්නේ සිතුවමේ පසුබිම පමණයි අනෙක් කොටස්ටික රේඛාවෙන් පමණක් තිබීම ප්‍රමාණවත්.








මේ බලන්න එසේ පිටපත් කරන ආකාරය

අපි මේ අභ්‍යාසය පුරුදුවීම අනාගතයේ විශාල වැඩ කටයුතු කොටසක් කිරීමට අපට පහසුවක් වෙනව. 
     1 මෝස්තරයක් පිටපත් කිරීම
     2 දොරරෙදි ,මේස ඇතිරිලි, සරොම් වාටි, ආදී නිර්මාණ පහසුවෙන් නිම කරගත හැකිවීම
     3 සෑම රූපයක්ම වෙනසක් නොවී  ඒකාකාරව නිම කරගතහැකි වීම
     4 ලී කැටයම් ආදී නිර්මාන සඳහා රේඛා සටහන් ලීමත ඇඳීමට 
     5 විහාර සිතුවම් ඇඳීමෙිදී  බිත්තිමත රූප ඇඳීමට පහසුවක් වීම
  අදී බොහෝ කාර්යයන් සඳහා හොඳ පෙරහුරුවක් වෙනව. 
 දැන් අපි නිර්මාණ කිරීම ආරම්භ කරමු .ඔයාලගෙ නිර්මාණ මා වෙත පුද්ගලිකව ලබා දෙන්න. අද දිනය ඇතුලතකල නිර්මාන මා වෙත එවන්න කලබල වෙන්න එපා හෙමින් ලස්සනට නිර්මාණය කර මා වෙත එවන්න අදට අපි පාඩම මෙතනින් අවසන් කරනවා 


 ආයුබෝවන් හැමෝටම තෙරුවන් සරණයි

Tuesday 28 April 2020

I C T ක්‍රමලේඛ ගොඩනැගීම

 විෂය-  I C T 
       
 පාඩම - ක්‍රමලේඛ ගොඩනැගීම


 ගුරු භවතා- ප්‍රදීප් සංජීව හේරත් මයා

       දිනය-          2020-04-28
    වේලාව-   පෙ .ව.8.00-පෙ.ව.10.00

-------------------------------------------------------

ආයුබෝවන් දරුවෝ හැමෝටම,

අද මම ඔයාලට කියලා දෙන්නේ කලින් දවසේ පටන් ගත්ත ක්‍රමලේඛ ගොඩනැගීම කියන පාඩමයි. කලින් දවසේ දාපු සටහන ලියා ගන්න ඇති කියලා මම හිතනවා. ඒ සටහන් ටිකට අදාල හඩපට කිපයක් මම දැන් දමන්නම්. හොදින් ශ්‍රවණය කර සටහන් සමග පාඩම තේරුම් ගැනීමට උත්සාහ කරන්න.



හඬ පටය 01 මෙතැනින්

හඬ පටය 02 මෙතැනින්


හඬ පටය 03 මෙතැනින්












සෞඛ්‍යය-පළමු වාරයේ ප්‍රශ්ණ පත්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රයක්

 විෂය-  සෞඛ්‍යය      
 පාඩම -පළමු වාරයට අදාළ ප්‍රශ්ණ 
            පත්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රයක් 
 ගුරු භවතා-ප්‍රදීප් නිශ්ශංක මහත්මා
       දිනය-          2020-04-28
    වේලාව-       ප.ව.04.00-ප.ව.06.00

--------------------------------------------------------------------------------

ආයුබෝවන් පුතේ.අද සෞඛ්‍ය අපිට තියෙන්නෙ දැන්.අපි පළමු වාරයට අදාලව ප්රශ්න පත්‍රයකට පිළිතුරු ලියමු නේද.මේ ප්රශ්න වලින් පස්වන ප්රශ්නය දක්වා පිළිතුරු ලියන්න දැන්.ඔයාගෙ පිළිතුරු    මට එවන්න මේ අංකයට 0711430650.


  

සංගීතය - නව නාට්‍ය ගී

විෂයය - සංගීතය
පාඩම - නව නාට්‍ය ගී
ගුරුවරයා- ජනක ප්‍රසන්න මායාදුන්න මයා
දිනය- 2020-04-28
වේලාව- ප.ව. 4.00-5.30







ආයුබෝවන් දරුවනේ
පහුගිය පාඩමෙන් අපි  කතා කළේ නූර්ති ගීත ගැන. අද අපි කතාකරමු නව නාට්‍ය ගීත ගැන
මොනවද නව නාට්‍ය ඒ කියන්නේ
නව නාට්‍ය ගී

ශ්‍රී ලංකාවේ නව නාට්‍ය සම්ප්‍රදායේ ආරම්භය යැයි සැලකෙන්නේ  1956 වර්ෂයේ දී ය. ඒ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයෙන්. එසේ නිර්මාණය වූ නාට්‍ය ය, කොටස් දෙකකට වර්ග කර දැක්විය හැක.

01. ශෛලිගත නාට්‍ය
02. අර්ධ ශෛලිගත නාට්‍ය
ග්‍රාමීය ප්‍රදේශ වල දකින්නට ලැබුණු ගැමි  නාට්‍ය වර්තමානයේ දක්නට ලැබෙන නව නාට්‍ය ශෛලිය සඳහා ඉවහල් වී ඇති බව නාට්‍ය කරුවන් ගේ අදහසයි. පුරාවෘත්ත, ගැමි ජනසෘතිය, ආගමික සංසිද්ධීන් වැනි දෑ නාට්‍යානුසාරීව දැක්වීම නව නාට්‍ය කලාවේ ක්‍රමවේදය යි.

නාට්‍යයක අවස්ථා තීව්‍ර කර දැක්වීමටත්, අවස්ථාවට ගැළපෙන පරිසරය මවා පෙන්වීමටත්, සංගීතය අත්‍යවශ්‍යම කාරණයක් වන හෙයින් සංගීතය වනාහි නව නාට්‍ය සම්ප්‍රදාය සඳහා අත්‍යවශ්‍ය ම කලා අංගයක් ලෙස පිළිගන්නට පටන් ගැනුණි.
බොහෝ අවස්ථාවල දී නව නාට්‍ය විරිත් අනුව රචනා වී තිබීම හේතුවෙන් නළු නිළියන්ට ගීත ගායන හැකියාව තිබීම අත්‍යවශ්‍ය කාරණයක් විය. ගායනයත් සමගම රංගනයද කෙරෙන බැවින් නළු නිළියන්ට විශේෂයෙන්ම රංගන කුසලතාවයන්ට අමතරව ගායන කුසලතාව ද තිබීම අත්‍යවශ්‍යය. පැරණි නාට්‍ය ගීත වලට වඩා වර්තමාන නව නාට්‍ය ගීත සාපේක්ෂව සරල ස්වභාවයක් පෙන්නුම් කරයි. නමුත් ඇතැම් අවස්ථා වලදී පැරණි නාඩගම් සම්ප්‍රදායේ ඡායාවන් දැකගත හැකි අවස්ථා නැතුවා ම නොවේ. ඒ කෙසේ වෙතත් සාම්ප්‍රදායික නිර්මාණයන්හි අංග ආරක්ෂා කර ගනිමින් නිර්මාණකරණයේ යෙදීමට නිර්මාණ කරුවන් උත්සුකවනු දක්නට ඇත. උදාහරණ වශයෙන්,

සිංහබාහු මනමේ ගීත වලට වඩා කාල ගෝල නාට්‍ය ගීතය ට විවිධ සංගීත භාණ්ඩ රැසක් භාවිතා කිරීම.

අත්වැල් ගායක කණ්ඩායමක් සහභාගි වීම.
දැන් අපි බලමු නම නාට්‍ය ගීත ගැන විස්තර ටිකක්





එහෙනම් ඊළඟ දවසේ නව නාට්‍ය ගීත ගායනා කරමු.
සුභ දවසක් ....






Monday 27 April 2020

English-Model paper




  විෂය- English
  පාඩම -Model paper 
  ගුරු භවතා-චමීර වැලිවිටිගොඩ මයා

       දිනය-          2020-04-27
    වේලාව-       පෙ.ව.8.00-පෙ.ව.10.00
---------------------------------------------------------------------------------


Good Morning, children!

Answer this question paper and send me.









 Write the question number and answer

Don't write the questions, write only the answers.