
පාඩම -සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින්
නව නිර්මාණයක් කරමු
ගුරු භවතා-නුවන් ප්‍රසාද් බුද්දික මයා
දිනය- 2020-04-29
වේලාව- ප.ව.03.00-ප.ව.04.30
------------------------------------------------------------------------------
ආයුබෝවන් දරුවනේ අද දහවල් යෙදී තිබුන චිත්‍ර පාඩම හදීසි කටයුතු කිහිපයක් යෙදුන බැවින් කල නොහැකි විය. නමුත් දැන් අපට පාඩම සමඟ සම්බන්ධ විය හැක
මේ නිවාඩුව අලුතින් වැඩක් කරන්න අපට ලැබුන අවස්ථාවක් අපි පසුගිය පාඩම් වලදී එවැනි නිර්මාණ සිදුකිරීමට කටයුතු කලා .සතුටින් කිවයුතු දෙයක් තිබෙනව ,අපේ දරුවො ඇත්තටම හොඳ නිර්මාණ මට එවල තිබුන.
අද අපි සාම්ප්‍රදායික මෝස්තර ආශ්‍රිතව නිර්මාණයක් කරන්න බලමු
සාම්ප්‍රදායික සත්ත්ව රූප අශ්‍රිත නිර්මාණයක්
මේ බලන්න අපි නිතර නිතර දකින මෝස්තර කිහිපයක්
මම අද ඔයාලට දෙන පැවරුම බලමු
මුලින්ම ඔබ කැමති සත්ත්වයාගෙ මෝස්තරයක් තෝරාගන්න. මා මෙහි දුන් උදාහරණ වලට අමතරව වෙනත් සත්ත්ව රූප ආශ්‍රිත මෝස්තර ඔබට භාවිතා කල හැක
එම මෝස්තරය අඟල්1.5 X 3 ප්‍රමාණයේ කඩදාසියක් මත හෙමින් කාලය අරගෙන රේඛාවෙන් පමණක් අඳින්න.
අපි මෙි නිර්මාණය කරනු ලබන්නේ අච්චුවකි දැන් එම රූපය ඇඳි කොලයේ පිටුපස පැන්සලෙන් හොඳින් පාට කරන්න සම්පූර්ණයෙන්ම
දැන් වැඩේ කොටසක් අවසන්.
ඊ ලඟට ඔබේ චිත්‍රය අඳින කඩදාසිය ගෙන එහි මැදින් අඟල් 1.5ක තීරුවක් අඳින්න. අපි අපේ අචිචුව අරගෙන එය මෙම තීරුව තුල තබා අපේ මෝස්තරය මත පැන්සලෙන් අඳින විට යටින් චිත්‍ර කඩදාසිය මත අපේ මෝස්තරය පිටපත් කර ගත හැකියි.ඒ අයුරින් එකම සත්ත්ව රූපයේ පිටපත් තීරැවක් ආකාරයට නිර්මාණය කරගත හැකියි.
මේ තියෙන්නේ මා විසින් කරන ලද නිර්මාණ කිහිපයක්
ඔයාලගෙ නිර්මාණයත් මේ වගේ කරන්න උත්සහ කරන්න
දැන් තියෙන්නේ ඊලඟ වැඩේ. සිතුවම් තීරය වර්ණ ගැන්වීම.
මෙි සඳහා අපි පැන්සල පමණක් භාවිතා කරමු
අපි වර්ණ කරන්නේ සිතුවමේ පසුබිම පමණයි අනෙක් කොටස්ටික රේඛාවෙන් පමණක් තිබීම ප්‍රමාණවත්.
අපි මේ අභ්‍යාසය පුරුදුවීම අනාගතයේ විශාල වැඩ කටයුතු කොටසක් කිරීමට අපට පහසුවක් වෙනව.
1 මෝස්තරයක් පිටපත් කිරීම
2 දොරරෙදි ,මේස ඇතිරිලි, සරොම් වාටි, ආදී නිර්මාණ පහසුවෙන් නිම කරගත හැකිවීම
3 සෑම රූපයක්ම වෙනසක් නොවී ඒකාකාරව නිම කරගතහැකි වීම
4 ලී කැටයම් ආදී නිර්මාන සඳහා රේඛා සටහන් ලීමත ඇඳීමට
5 විහාර සිතුවම් ඇඳීමෙිදී බිත්තිමත රූප ඇඳීමට පහසුවක් වීම
අදී බොහෝ කාර්යයන් සඳහා හොඳ පෙරහුරුවක් වෙනව.
දැන් අපි නිර්මාණ කිරීම ආරම්භ කරමු .ඔයාලගෙ නිර්මාණ මා වෙත පුද්ගලිකව ලබා දෙන්න. අද දිනය ඇතුලතකල නිර්මාන මා වෙත එවන්න කලබල වෙන්න එපා හෙමින් ලස්සනට නිර්මාණය කර මා වෙත එවන්න අදට අපි පාඩම මෙතනින් අවසන් කරනවා
ආයුබෝවන් හැමෝටම තෙරුවන් සරණයි
No comments:
Post a Comment