Wednesday 13 May 2020

නර්තනය-නර්තනයේ ඓතිහාසික පසුබිම



   විෂය- නර්තනය               
         
  පාඩම - නර්තනයේ ඓතිහාසික                      පසුබිම හඳුනා ගනිමු
             
  ගුරු භවතා-විරාජ් ජයවර්ධන මහත්මා                       
      දිනය-          2020-05-13
    වේලාව-       පෙ.ව.11.00-ප.ව.12.30
------------------------------------------------------------------------------

හොඳයි පුතාලා අපි එහෙනම් නර්තනය පාඩම ආරම්භ කරමු.............

කෝ බලන්න දැන් පාඩමට සම්බන්ධ වෙන පුතාලා මට ලොකුම ලොකු හිනා මූනක් දාන්ට බලන්ට..........

පොඩි කාරණාවක් තියෙනවා ඕං කියන්ට..........

පුතාලා අහගෙන වෙන්ටැති ඉන්නෙ



මුන්දැට පොඩ්ඩක් වැරදුනා නෙව 

නවරාත්තිරී උත්සවේ ගැන උඹලා පාඩම කොරාලානෙව තිබුණේ කලින් දොහක........

මුන්දැට වයසයි දැන් 
මතකය හොඳ මදි.....
හා හා ඒකෙං කාරි නෑ

දැන් අලුත් පාඩමක් පටං ගම්මු...........





⁣ඕන්න ඕකයි මාපුතාලා අද මෙඋන්දෑ කතා කොරන පාඩම........

ඔය අතරේ තියෙනවා නොවැ ඔය රූකම් කියලා කාණ්ඩයක් ,පේනවද මයෙ කොල්ලන්ට...........ආං ඒ ගැන තමයි අද අපේ පාඩම




හොඳා........දැන් මේ කියන විවිධාකාර වූ රූකම් වර්ග ටික ගැන නෙව අපි කතාබහ කොරන්නෙ....

ඒ මොකටද හැබෑටම.........

ඒවා හොඳහැටි බලාපුවාම අපට අවබෝධය ලැබෙනවා අතීතයේ විවිධාකාර රාජධානි යුග වලදී ⁣ලංකාවේ නර්තනය තිබුණේ මොනවගේ තත්වෙකද කියලා........

ඒ වගේම ඒ ඒ කාලෙන් කාලෙට නටාපු නැටුම් වර්ග මොනවද.....ගහපු බෙර මොනවද.........තාල තැබුවේ මොකකින්ද වගේ ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර අපට ලැබෙනවා

ඕං කොලුවනේ මෙවුන්දැ එවනවා p d f එකක්........
බෙහෝම හොඳට බලන්න ඕනෙ........
මුල ඉඳං අග දක්වාම

අග ඉඳන් මුල දක්වාම





හොඳා එහෙනං........
ඕක වැඩි වැඩියෙන් නරඹලා
හොඳහැටි මතකයේ ධාරණය කොරගන්ට හොඳයි මාපුතාලා

මේං මේ පුරස්න ටිකට උත්තර හොයන එකත් කොරන්ට ඕනෑ කොලුවනේ...........
විගහටම......විගහට කිව්වම මොකෑ.........
හෙට දවල් වෙද්දි එවාපල්ලා ඕං මාව කේනති ගස්සන්නෙ නැතුව..........




එහෙනං මෙඋන්දෑ ගොහිං එන්නම්  මා පුතාලා... තුනුරුවනේ සරණයි....දෙවියන්ගේ රැකවරණයි බොලල්ලාට........


සංගීතය - භූපාලි රාගය ආශ්‍රිත ස්වරස්ථාපන ගීත



  විෂය-සංගීතය               
         
 පාඩම - භූපාලි රාගය ආශ්‍රිත
              ස්වරස්ථාපන ගීත
             
 ගුරු භවතා-ජනක ප්‍රසන්න 
                 මායාදුන්නේ මහත්මා                       
      දිනය-          2020-05-13
    වේලාව-       ප.ව.3.30-ප.ව.5.00
-----------------------------------------------------------------------------------------------------------------------



🙏🙏🙏ආයුබෝවන්!🙏🙏🙏

හරි අද අලුත් පාඩමකට යමු.

ඊට කලිං මං ප්‍රශ්නයක් අහනව. බලමු කවුද හරියට උත්තර දෙන්නෙ කියල

අපෙ කොල්ලො කියන්න බලන්න "ස්වරස්ථාපන ගීත" කියන්නේ මොකද්ද කියලා. අපි ඔය ගැන හය වසරෙදිත් හත වසරෙදිත් ඉගෙනගත්තා. ආ 8 වසරෙත් පලවෙනි වාරයේදී ඒ ගැන කතා කළා.

කිහිප දෙනෙක් හරි උත්තර දුන්නා.

මං ආයෙ සැරයක් මතක්කරල දෙන්නංකො.

සංගීතය හදාරන්නන් අතුරින් විශේෂයෙන්ම ආධුනිකයන්ට නිවැරදි ව ස්වර හඳුනා ගැනීමේ හා හැසිරවීමේ පහසුව පිණිස නිර්මාණය වූ ගීත ස්වරස්ථාපන ගීත ලෙස හැඳින්විය හැක.

එහෙනම් අද පාඩම,

භූපාලි රාගය ආශ්‍රිත ස්වරස්ථාපන ගීත

ඔයාලට මතක ඇති බිලාවල් රාගය ආශ්‍රිත ස්වරස්ථාපන ගීත ඉගෙන ගන්නකොට, ස්වර සප්තකයෙන් ශුද්ධ  ස්වර හතම බිලාවල් රාගය සඳහා යොදා ගන්නව කියල කිවුවා.

නමුත් භූපාලි රාගයේදී ස්වර සප්තකයෙන් යොදාගනු ලබන්නේ ස්වර පහක් පමණයි.

ස රි ග ප ධ

ඒ ස්වර පහයි

මධ්‍යමය සහ නිශාදය මේ රාගයට ගන්නෙ නෑ.

යම් කිසි රාගයකට යොදා නොගන්නා ස්වර වලට විශේෂ නමක් කියනවා

වර්ජිත ස්වර

එහෙනම් භූපාලි රාගය වර්ජිත ස්වර මොනවද

කෝ උත්තර

එහෙනම් භූපාලි රාගය වර්ජිත ස්වර  ම සහ නි

අපි ඒ ස්වර ගායනා කරල බලමුද

  




මේක හොඳ...ට පුරුදු වෙලා මට කියල පෙන්වන්න බලන්න

හරි දැං අපි රාගය ආශ්‍රිත ස්වර අභ්‍යාසයක් ගායනය කරල බලමු






මේකත් කියල එවන්න බලන්න

හරි දැං අපි භූපාලි රාගාශ්‍රිත ස්වරස්ථාපන ගීතය අධ්‍යයනය කරමු













සියලු දෙනාම මෙය හොඳින් පුහුණු වී, අඩුපාඩු සකසා ගැනීම සඳහා මා වෙත යොමුකළ යුතුයි.

චිත්‍ර කලාව -කුෂන් කවරයක් නිර්මාණය කරමු



 විෂය-  චිත්‍ර කලාව                 
      

 පාඩම -කුෂන් කවරයක් නිර්මාණය
              කරමු
 ගුරු භවතා-නුවන් ප්‍රසාද් බුද්දික මයා                       
       දිනය-          2020-05-13
    වේලාව-       ප.ව.03.00-ප.ව4.30

---------------------------------------------------------------------------------

ආයුබෝවන් සියලුම දෙනාට. අපි චිත්‍ර පාඩම මෙතනින් ආරම්භ කරමු

දැන් අපිට තියෙන්නෙ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටික නිවසේ ඉන්නගමන් පවුලේ අනෙක් අයත් සහභාගී කරගෙන මේ නිර්මාණ කරන්න පුළුවන්.

අද අපි බලමු කුෂන් කවරයක් නිර්මාණය කිරීමට පිළිබඳව.ඔයාලා හැමෝම දන්නව කුෂන් කවරයක් කියන්නේ මොකක්ද කියල. අපි මුලින්ම උදාහරණ කිහිපයක් බලමු.





අපි මෙවැනි මෝස්තර වලට "මුළුතල මෝස්තර" කියල කියනවා.ඒ කියන්නෙ මේ මෝස්තරය අපි භාවිතා කරන තලය පුරාම පැතිර තිබෙන නිර්මාණයක් නිසා.

අපි අද අඟල් 9X9 ප්‍රමාණයේ සමචතුරස්‍රාකාර කුෂන් කවරයක් නිර්මාණය කරමු

මුලින්ම ඔයාල කල යුතු වන්නේ ඔයාලගේ නිර්මාණශීලී අදහස කොලයක් මත ඇඳීමයි.මේ සඳහා පූර්ණ නිදහස ඔයාලට දෙනවා. මල් මෝස්තරයක්,හැඩතල මෝස්තරයක්,සත්ත්ව මෝස්තරයක්,ශාකපත්‍ර ආශ්‍රිත මෝස්තරයක් ආදී විවිධාකාර දේ ඔයාලට නිර්මාණයට එකතු කරන්න නිදහස තියෙනවා.

දැන් සියළු දෙනාම අඟල් 9X9 ප්‍රමාණයේ සමචතුරස්‍රාකාර කඩදාසියක තමන්ගේ  නිර්මාණය අඳින්න පටන්ගන්න මෙි සඳහා දෙමාපියන්ගේඋපකාර ලබා ගන්න.ජ්‍යාමිතික  මොස්තර නිර්මාණය කරන්නේනම් ජ්‍යාමිතික උපකරණ භාවිතා කල යුතුය. එසේත් නැතිනම් අපි කලින් පාඩමක කල පරිදි මෝස්තර ඒකකයක් නිර්මාණය කර එය තලය පුරා පිටපත් කල හැකිය.

අපි තව උදාහරණ කිහිපයක් බලමු








මේ උදාහරණත් බලමින්  ඔයාලගේ රූප සටහන අඳින්න . මම ඉන් පසුව කියල දෙන්නම් අපි කොහොමද මේ නිර්මාණය රෙදි කැබැල්ලට ලබා ගන්නෙ කියලා.

මුලින්ම ඔයාල ඇඳල එවන්න බලන්න



අපි ඊලඟට බලන්න ඕන මේ නිර්මාණය වර්ණ ගන්වන ආකාරය. මුලින්ම අපි කඩදාසිය මත අඳින රූප වර්ණ ගන්වන්න ඕන ඉන් පසුව තමයි අපි රෙද්ද මත වර්ණ ගන්වන්න ඕන.


මෙි නිර්මාණ අපි රෙදිි මත අඳිනකොට රෙදි පින්තාරු තීන්ත (fabric paint ) අපි භාවිතා කරනවා. මේ සඳහා වඩාත්ම සුදුසු රෙදි වර්ග වෙන්නෙ අමු රෙදි

අමු රෙදි පින්තාරු කිරීමට කලින් ⁣උණුවතුරෙන් සබන් දාලා සොදා ගත යුතුයි . ඇයි දන්නවද අමු රෙදි වල කැඳ වරගයක් තියෙනව ඒව සෝදල ඉවත් කර ගන්න ඕනි. සමහර අමු රෙදි සේදුවම ප්‍රමාණය අඩු වෙනව. ඒනිසා රෙද්ද හොඳින් සෝදලා වේලල මැදල ගන්න ඕනි.

ඉන් පසුව මැහුම් සඳහා ඉඩ තියල ⁣අවශ්‍ය ප්‍රමාණයට රෙද්ද කපා ගන්න ඕනි



මේ බලන්න කුෂන් කවරයක් නිර්මාණය කර එය අවසන් කරන හැටි


අපි පාඩමේ ඉතිරි ටික ඊලඟ දවසෙ කතා කරමු එ් වන තුරු ඔයාලා ලස්සන නිර්මාණයක් ඇඳල වර්ණ ගන්වල මට එවන්න  අපි අදට පාඩම අවසන් කරමු සියලුම දෙනාට තෙරුවන් සරණයි!

ඉතිහාසය -යුරෝපයේ ඇතිවූ පුනරුදය



   විෂය- ඉතිහාසය                    
  පාඩම -  යුරෝපයේ ඇතිවූ පුනරුදය
  ගුරු භවතා-නිශාන්තලාල් රණසිංහ 
                    මහත්මා
              
     දිනය-          2020-05-13
   වේලාව-       පෙ.ව.8.00-පෙ.ව.10.00
---------------------------------------------------------------------------------

                                   හඬ පටය 01 මෙතැනින් 





                 හඬ පටය 02 මෙතැනින් අහන්න