Wednesday 22 April 2020

නර්තනය-"පහතරට බෙරය" හඳුනා ගනිමු


   විෂය- නර්තනය 
         

   පාඩම-  "පහතරට බෙරය"
                 හඳුනා ගනිමු


   ගුරු භවතා- විරාජ්                 ජයවර්ධන මයා       


       දිනය-          2020-04-22
    වේලාව-       ප.ව.01.30-ප.ව.03.00
---------------------------------------------------------------------------------
නර්තනය ඉගෙන ගන්න අපේ දරුවෝ ඉන්නවනම් මගේ whatsapp එකට 🙏🙏කියලා දාන්න
ආයුබෝවන් දරුවනේ🙏
අපි නර්තන විෂය ඉගෙන ගන්නයි යන්නේ
අද පාඩම් දෙකක් කරන්නයි මගේ අදහස.එයින් පළමු පාඩම "පහතරට බෙරය"

හඳුනාගනිමු........







මේ තියෙන්නෙ ලංකාවේ පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය....මේක
 පහතරට බෙරය.......

මේකට කියන තව නම් තිහිපයක් තියෙනවා......

දෙවොල් බෙරය
යක් බෙරය
දිග් බෙරය
මිහිඟු බෙරය
ඝෝෂක බෙරය
රුහුණු බෙරය

තමයි ඒ නම්

මේවා සටහන් කරගන්න....

#දෙවොල් මඩු ශාන්ති   කර්මය ආදී පහතරට සියලු ශාන්ති කර්ම වලට
       උදා= #දෙවොල් මඩුව
                 #ගම්මඩුව
                 #සන්නි යකුම
                 #රිද්දි යාගය
                 #මහසොහොන්       
                    සමයම
                 #පහතරට බලි
                   ශාන්තිකර්මය
ආදි සියල්ලන්ටම  ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස භාවිතා වෙනවා.


#පහතරට සම්ප්‍රදායේ ගැමි නාටකය වන "කෝලම් නටකය" සඳහාද....
 ප්‍රධාන වාද්‍ය භාණ්ඩය මෙ⁣ම බෙරයයි.

ඒ වගේම පුතේ........
මෙම බෙරය
#පෙරහැර වල නර්තනයට වාදනය සැපයීමට
#පිරිත් පිංකම් සඳහා මඟුල් බෙර වාදනයට 
#වෙනත් විවෘත කිරීම් වලට මගුල් බෙර වාදනය සඳහා
#සංදර්ශණ අවස්ථා වලදී

   නර්තනය සඳහා වාද්‍ය භාණ්ඩයක් විදියට

   මෙම බෙරය යොදා ගන්නවා
ඒ වගේම විශේෂයෙන් ලංකාවේ පහතරට ප්‍රදේශයේ.........
# විහාරස්ථාන ආශ්‍රිතව පෝය හෙවිසි වාදනයට 
මෙම බෙරය යොදා ගන්නවා.........

# මංගල පෝරු⁣වේ චාරිත්‍ර වලදීද ඇතැම් විට පහතරට ප්‍රදේශ වල යොදාගන්නවා......

ඇයි මං ඇතැම් විට කියලා කිව්වෙ.........

මේ බෙරයේ හඬ් එක්ක නිතරම බැඳිලා තියෙන්නෙ මහ ගුප්ත ස්වභාවයක්

ඒක අපේ පපුවේ ගැඹුරටම දැනෙන මහ භයංකාර සද්දයක් කියලයි අපට දැනෙන්නෙ.......

ඒ නිසා මංගල පෝරු ආදියේදි බහුලව යොදාගන්නෙ නෑ

හොඳයි දැන් මේ බෙරය සකසා තිබෙන්නේ මොනවායින්ද කියලා බලමුකෝ.........

මේ බෙරයට බහුලව යොදාගන්නවා කිතුල් ගසේ කඳ.........
ඒ වගේම
  ඇහැල
  කොහොඹ
   කොස්
   මිල්ල

වගේ තද අරටු ඇති ලී වර්ගත් යොදා ගන්නවා

ඒ වගේම බෙර ඇස් දෙකට(දෙපස මුහුණත් වලට" 
හරකාගේ කිරි බොක්කේ 

සිවිය තමයි යොදා ගන්නේ

වරපටි වලට,කැපුම් හම්,හැක්ම,ආදියට හරක් හම් යොදාගන්නවා.....

මෙම බෙරය තනිකරම සිලින්ඩරාකාරයි.....

ඒ වගේම සතෙකුගේ බොකු සිවිය යොදා වාදනය කරන ලංකාවේ එකම බෙරයද මෙයයි




මේ තමයි පුතේ පහතරට බෙරයේ කොටස් නම් කරලා තියෙන රූප සටහනක්

හොඳින් බලන්න ඒ සටහන

බලලා යට තියෙන හඬ පටයට ඇහුම්නක් දෙන්නකෝ.......



                                       හඬ පටය මෙතැනින් 🔊

⁣හොඳයි මේ කරුණුත් මතක තියාගන්න පසුවට දෙන අභ්‍යාසයට.........
පහතරට බෙරයෙන් වාදනය වන විශේෂ අංග.....
මඟුල් බෙර
වන්දමානම්
සවුදම්
දැකුම් අත්

පිං බෙර

මේ බෙරයේ දිග
#තුන්වියත් තුනඟුලයි

බෙර ඇසෙහි විශ්කම්භය....

අඟල් 9ක් හෝ 9.5.......9.75....ආදී ලෙස සැකසේ....

හොඳයි පුතා දැන් යොමු කරනවා.....ඔබේ විෂය නිර්දේශයට නියමිත අතිරේක කියවීම් පොතේ සටහන ඒකත් හොඳින් කියවන්න.......
















මීට අමතරව......ඡායාරූප කිහිපයක් සහ කෙටි වීඩියෝ කිහිපයක් මම යොමු කරනවා........


















මේ වීඩියෝ පට ඉතා සාවධානව නරඹන්න......ඩේටා තියෙන හැටියට............පාඩම හොඳින් රසවිඳින්න........

පහතරට බෙරය ගැන හොඳ අටබෝධයක් ලබන්න

හැකිනම් youtube එකේ පහතරට බෙරය කියා හෝ pahathatara beraya.... විදියට ටයිප් කරලා තව බලන්න......

දැන් පහත අභ්‍යාසය කරන්න





මේක සම්පූර්ණ කරලා.......මගේ whatsapp එකට දාන්න....

හොඳයි අදට පාඩම ඉවරයි පුතාලා........

තෙරුවන් සරණයි හැමෝටම...........පරිස්සමින් ඉන්න........ආයුබෝවන්

                                             🙏🙏

2 comments:

  1. Thankyou so much this website ❤️ it's very good website ❤️ and i like this website

    ReplyDelete