Wednesday 3 June 2020

නර්තනය- "ගීත අසා රස විඳිමු"


  විෂය-    නර්තනය              
         
  පාඩම - "ගීත අසා රස විඳිමු"

  ගුරු භවතා-විරාජ් ජයවර්ධන මහත්මා                       
      දිනය-          2020-06-03
    වේලාව-       පෙ.ව.11.00-ප.ව.12.30

---------------------------------------------------------------------------------

  8ශ්‍රෙණියේ නර්තන විෂය  හදාරන දරුවන් හැමෝටම ආයුබෝවන් 
  🙏   🙏

 😉හොඳයි අද අපි ලස්සන පාඩමක් ඉගෙන ගන්න යන්නේ............😀   😀😀
  හැමෝම සූදානම් නේද........

  හරි එහෙනම් ඔක්කෝටම කලින් මෙන්න මේ සිංදුව අහලා       ඉන්නකෝ.......🎙️🎧🎸🎷🎹🎻🎵🎶


                                                            දීකිරි සිංදුව🔊


 ඇහුවද කියලා මගෙ whatsapp එකට කියන්න🎧

 මොකද ලස්සනයිද.......🤔🤔🤔🤔🤔

 ඔන්න එහෙනම් අද අපේ මාතෘකාව.........
 "ගීත අසා රස විඳිමු"

 මොකක්ද අපි දැන් අහපු සිංදුව🤔🤔🤔🤔..........

 ඔව්.....දීකිරි දීකිරි ගෙනාවා දීකිරි👌👍👍👍👍👍👍

 මේ සිංදුවෙන් කියන්නෙ මොනවා ගැනද...........

 ගමක ඉන්න තරුණ කාන්තාවක් එළ දෙනෙකුගෙන් කිරි දොවලා,🐄   ඒවා උණු කරලා♨️

 ඊට පස්සේ ඒවා මුදවලා
 තැනින් තැනට ගෙිහින් ඒවා විකුණලා ජීවත් වෙන හැටි නේද.......

 ඒක පැහැදිලියිද පුතාලට..?🤔🤔🤔

 හොඳයි මේ ගීතය කවුද ගායනා කරන්නෙ...?
 මෙන්න මේ නැන්දා...... ඇත්තටම කවුද ඒ






මෙයා තමයි 
"අනුලා බුලත්සිංහල"

කියන ප්‍රවීණ ශිල්පිණිය........

මේ සිංදුව නිකම්ම හැදුණ එකක් නෙවෙයි,මේක වේදිකා නාට්‍යයක් සඳහා නිර්මාණය වුණ ගීතයක්

🤔🤔🤔🤔

"රතු හැට්ටකාරී" වේදිකා නාට්‍යය තමයි ඒ......
මේ නාට්‍ය කරේ ලූෂන් බුලත්සිංහල කියන නාට්‍ය වේදියා.......
මේ ඉන්නෙ🤔🤔 

බලන්නකෝ...




ඒ වගේම මෙතුමා තව විදියකින් ඔයාලට මතකද🤔🤔 කියලා බලන්න


අර "හෝගානා පොකුණ" චිත්‍රපටියේ ලොකු ඉස්කෝල මහත්තයා.....😀😀😀😀

ආහ් දැන් මතක්වුනා නේද?

ඉතින් මේ අපි කතා කරන ගීතය ලියන්නෙත් පුතේ එතුමා🙏🙏

ගායනා කරන්නනේ එතුමාගේම බිරිඳ. අනුලා බුලත්සිංහලයන්...

ඒ වගේම තමයි සංගීතය නිර්මාණය කළේ 
"ඔස්ටින් මුණසිංහ"කියන
සංගීත වේදියා....🎷🎺🎻🎸🪕🎧🎤



ඉතින් දැන් ආයිමත් ඒ ගීතය බලලා ඉන්නකෝ......




හොඳයි මේ ගීතයෙන් කියන ප්‍රධාන කාරණාව මම කිව්වනේ......
ඒක පැහැදිලියි නේද

ඉතින් මෙහි කියැවෙන තරුණිය......
ඉන්න හිටින්නට හරියට තැනක්වත් නැති බොහොම දුප්පත් කාන්තාවක්.......

ඇය බොහෝම දුක් මහන්සියෙන් වෙහෙස වෙලා කිරි විකුණලා මුදලක් හොයා ගන්නවා නේද.......
ඇයට බලාපොරොත්තු ගොඩයි.......
ඉතින් ඒ බලා පොරොත්තු ඉටුකරගන්නට .......
සිසේ රුදාව,දෙපයේ වේදනාව කිසිවක් නොතකා කිරි වෙළඳාමේ යනවා....
බලන්න කෙනෙකුගේ උත්සාහය ⁣කොයිතරම් වටිනවද කියලා...

 වගේම මේ ගීතය හරිම ලස්සනට කියන්න පුලුවන්..
.
මේ ගීතයට බලන් ඉන්න හැමෝටම ආසා හිතෙන විදියට ලස්සනට ප්‍රකාශණාත්මක චලන කරන්න  පුලුවන්......

මෙන්න මේක බලලා ඉන්නකෝ.....




දැන් පැහැදිලියිද මේ ගීතය ගැන අපට ඉගෙන ගන්ක තියෙන තොරතුරු?

තේරුණා නේද🤔🤔🤔🤔

මේ ගීතය සුළු තනිතිතට,ඒ වාගේම මහ තනි තිතටත් ගායනා කරන්න පුලුවන්......
ඒ කියන්නෙ.... මාත්‍රා 2,න් 2කේ තනි තිතට හෝ මාත්‍රා 4න් 4තනිතිත.........

හරි එහෙනම් ගීත🎻🎧 රස විඳින පාඩමේ පළමු කොටස අපි අවසන්.........

දෙවැනි කොටස🤔🤔🤔

ඒක ඊළඟ දවසේ කතා කරමු හොඳද...........

ඔන්න පහළින් තියෙනවා👇👇අතිරේක කියවීම් පොතේ සටහන......ඒක කියවන්න

මේ ගීතය අනිවාර්යයෙන්ම කට පාඩම් කරන්න....
තාලයට ගායනා කරන්න...

පහත සඳහන් ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න





එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.........

චිත්‍ර කලාව- "මැටි වැඩ"


 විෂය- චිත්‍ර කලාව             
      

 පාඩම -"මැටි වැඩ"

 ගුරු භවතා-නුවන් ප්‍රසාද් බුද්ධික මයා                       
       දිනය-          2020-06-03
    වේලාව-       ප.ව.02.00-ප.ව3.30

--------------------------------------------------------------------------------

ආයුබෝවන් දරුවො හැමෝටම............................. 

අපි අද චිත්‍ර පාඩමෙන්  තවත් රසවත් වැඩකට ආරම්භයක් ගන්න තමයි සූදානම...................................


ඇත්තටම මේක විනෝදාත්මක වැඩක්........................




අද අපි සූදානම් වෙමු මැටි වැඩක් කරන්න. ඔන්න මැටි වැඩ කීවම වැරදි අර්ථකථනයක් ගන්නව එහෙම නෙවෙයි.

ඇත්තටම කලාවේ කිසිම  තැනක සීමා නෑ. චිත්‍ර,නැටුම්,සංගීතය මේ විශයන් තුනම එකට තමයි ගමන් කරන්නේ. චිත්‍ර ශිල්පියෙක් කියන්නේ මේ හැම දේම අධ්‍යනය කරන ාකනෙක් වෙන්න ඕනි. අපි අද පාඩම දෙස බලමු 

"මැටි වැඩ"

මම සරළව එහෙම හඳුන්වා දෙන්නම් ලොව පැරැණිම ශිෂ්ටාචාර පිළිබඳව බොහෝ තොරතුරු ලබා ගැනීමට ඉවහල් වූ පුරාවස්තු බොහොමයක් මැටි ආශ්‍රිතව නිර්මාණය වු දේවල් වේ.

අපි බලමු මේ මැටි මූර්තියක් හදන්න ආරම්භ කරන්නේ කොහොමද කියල

ප්‍රධාන කටයුතු 2ක් මම ⁣යෝජනා කරනව.

1  අමුදුව්‍ය සකස් කර ගැනීම
2  සැලසුමක් සකස්කර ගැනීම

 දැන් අපි මුලින්ම බලමු අමුද්‍රව්‍ය සපයා ගැනීම පිළිබඳව





 මේ බලන්න ස්වභාවික පරිසරයෙ මැටි තැන්පත් වෙලා තියෙන ආකාරය
ඇත්තටම පස් තට්ටු අතර කාලාන්තරයක් තිස්සෙ මැටි තැන්පත් වීමෙන් මැටි නිධි  නිර්මාණය වෙනවා ඇත්තටම මේ මැටි තමයි නිර්මාණ වලට සුදුසු.මෙසේ ලබා ගන්නා මැටි මුලින්ම පිරිසිදු කර ගත යුතුයි.

මොකද මේ මැටිවල අපද්‍රව්‍ය බොහොමයක් තියෙනවා.රොඩු,ලී කැබලි,වීදුරු කැබලි ,ලෝහ වර්ග,ගල් කැට,ඉතින් අපි මේව ඉවත් කර ගන්න ඕනි.ඉන් පසුව තමයි මැටි සකස් කර ගත යුත්තේ.

මැටි වර්ග කිහිපයක් අපට දැක ගත හැකියි .

වලං මැටි ,කිරිමැටි,සෙරමික් මැටි,පොසිලේන් මැටි,මේ ආදී ලෙස නමි කල හැක.


අපි මුලින් කී පරිදි පිරිසිදු කරගත් මැටි ජලය සමග අනා පදම් කල යුතුය.

මැටි වියලා කුඩුකර,පෙනේරයකින් හලා ගැනීම තුලින් අපිට පිරිසිදු  මැටි මිශ්‍රනයක් සාදා ගත හැක.




මෙ⁣ම පිරිසිදු කරනලද මැටි බන්ධන ශක්තිය වැඩිකිරීමට සිලිකා වැලි යම්කිසි ප්‍රතිශතයක් එක්කල යුතුයි.ඉන් පසු මැටි පොලීතීන් හෝ එවැනි ආවරණයකින් ආවරණය කර දින ගනනාවක් තැබීමෙන් අපිට පදම්කල මැටිලබාගත හැක.



මේ තියෙන්නේ මැටි සකස් කරණ යන්ත්‍ර 2ක්
*යන්ත්‍ර2ක්

මෙමගින මහාපරිමාණ වශයෙන් මැටි සකස් කරගත හැක.

මේ වන විට වෙළඳ පලේ ගත හැකිලෙස සකස් කර ඇති.පැකට් කල පදම් මැටිනිර්මාණ සඳහා භාවිතා කල හැක



මෙ⁣සේ සකස් කල මැටි වලට සමහර ශිල්පීන් විවිධ මැලියම් වර්ග එක්කරනු ලබනවා 
උදා කෙමිෆික්ස් ,දවුල්කුරුඳු/ කුඩුදවුලා ආදිය දැක්විය හැක.

අපි ඊලඟ කාරණය බලමු

අපි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන් නිර්මාණයේ කටුසටහනක් ඇඳිය යුතුයි.




එසේ සකස් කල සැකිල්ල ඉහත අවසන් පින්තූරය පරිදි මැටි පිරවිය යුතුය




මේ ආකාරයට අපි ලස්සන නිර්මාණයක් කරමු මම ඔයාලට පෙන්වන්නම් මා කල නිර්මාණ කිහිපයක්








 .
මේ බලන්න මේ දරුවො නිර්මාණ කරන අවස්ථාවක්

ඔයාලත් කමන් කරන නිර්මාණයේ කටු සටහනක් ඇඳල ,සැකිල්ලක් නිර්මාණය කරල,මට එවන්න බලන්න.හැමෝම නිර්මාණයක් කල යුතුමයි  ඒ වගේම ඒව පරෙස්සම් කරල පාසල ආරම්භ කල පසු රැගෙන ආ යුතුයි.

එසේනම් අදට පාඩම මෙතනින් අවසන් කරනවා අපි ඊ ලඟ පාඩමෙන් තවත් මැටි ආශ්‍රිතව කල හැකි නිර්මාණ ක්‍රමවේදයක් ඉගෙනගමු   සියලුම දෙනාට තෙරුවන් සරණයි!