
විෂය- චිත්‍ර කලාව
පාඩම -ස්වාභාවික මතුපිටක
චිත්‍ර අඳිමු
ගුරු භවතා-නුවන් ප්‍රසාද් බුද්දික මයා
දිනය- 2020-04-22
වේලාව- ප.ව.03.00-ප.ව.04.30
----------------------------------
ආයුබෝවන් දරුවනේ
අද චිත්‍ර පාඩම තුලින් අපි 8 වසර ඔබට අළුත් වැඩක් කරන්න උත්සහ කරමු චිත්‍ර ශිල්පියෙකුට තිබෙන සුවිශේෂි වරමක් තමයි සීමාවකන් තොරව තම නිර්මාන ඉදිරිපත් කිරීමේ හැකියාව
චිත්‍රපොත ,කැන්වසය මූලිකව අපි සිතුවම් ඇඳීමට භාවිතා කලත් ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා මිනිසා සිතුවම් ඇඳි බවට සාධක පවතී
අදඅප බලාපොරොත්තු වන්නේ එවැනි කටයුත්තක යෙදෙන්න මේ සඳහා පවුලේ සාමාජිකයන් සහභාගීකරගැනීමටත් ඔබට හැකියාව තියෙනව
මම කලින් පාඩම අවසානයේ කීව පරිදි අමුද්‍රව්‍ය ඔබ සපයාගෙන ඇතැයි මම සිතනව මෙහිදී මා විසින් සපයාගත් අමුද්‍රව්‍ය කිහිපයක් ඉදිරිපත් කරන්නම් ඉන් 1ක් ගෙන අද පාඩම ඉදිරියට පෙලගස්වමු
# ඉවත දමන මැටි මුට්ටියක්
# පිරිසිදු කරගත් ස්වහාවිකව හැඩවු ගලක්
# වියලි ලී පොත්තක්
# කිරිවානා ගල් පතුරක්
# වියලි පත්‍රයක්
# පිරිසිදු කරගත් ලී කැබැල්ලක්
මේ උදාහරණ කිහිපයකි මෙම ද්‍රව්‍ය අපට සිතුවම් ඇඳීමට මතුපිටක් ලෙස භාවිතා කල හැක අපි බලමු මැටි මුට්ටියක් මත පහසුවෙන් සිතුවමක් කරන හැටි
චිත්‍ර දරුවන් වෙත මා රූපසටහන් ඉදිරිපත්කරන්නම් ඔයාලත් ඔයාලට හැකි මට්ටමින් නිර්මාණයක් කරල මට එවන්න
මුලින්ම මෙි අයුරින් පැන්සලෙන් තමන් කැමති මෝස්තරයක් හෝ සිතුවමක් මුට්ටය මත අඳින්න
ඉන් පසුව සුදුපාටින් ඒ කොටස පා කරගන්න ඕන හේතුව පසුව අපි එකතු කරන වර්ණවල අලංකාරය අපිට රැකගත හැකිවන්නේ එවිටයි මේ අවස්ථාවේ මා හට සුදු වර්ණය සපයා ගැනීමෙි ගැටළුවක් පවතින බැවින් මා වෙනත්වර්ණයක් භාවිතා කරනව
ඔබට පැස්ටල් ,ඇක්‍රලික් ෆැබ්රික් පේන්ට් ,ලැකර් ,ඉමල්ෂන් ආදී ඕනෑම වර්ණ මාධ්‍යක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්
ඔයාලට ගැටළු තියෙනවනම් මා වෙත පුද්ගලිකව එවන්න
මා ඊලඟට ඉදිරිපත් කරන්නම් මා විසින් එසේ නිර්මාණය කල නිර්මාන කිහිපයක්
මේ මගේ මිතුරෙකු විසින් ලී කැබැල්ලක් පුළුස්සා කල නිර්මාණයක්
මම බලාපොරොත්තු වෙනව හැමෝම අළුත් නිර්මාණයක් ඉදිරිපත් කරයි කියල මේ කරන වැඩ පරෙස්සම් කරල තයාගන්න ඕන පාසල ආරම්භ කල පසු සියලුම පැවරුම් අපි එකතු කරනව
මේ වෙලාවෙ චිත්‍ර පාඩමට සම්බන්ධවු දරුවන්ට දෙමාපියන් උපකාර කරන්න. අපි ඊලඟ පාඩමෙන් තවත් අළුත් වැඩක් කරමු. සියළුම දෙනාට තෙරුවන් සරණයි අභ්‍යාස අවසන් කල දරුවන් මා වෙත ලබා දෙන්න කාලය අරගෙන අනෙක් ගුරුවරුන්ගේ වැඩත් අතපසු නොවන පරිදි කටයුතු කරන්න
ආයුබෝවන් හැමෝටම..............
No comments:
Post a Comment