විෂය- නර්තනය
පාඩම - "ගීත අසා රස විඳිමු"
දිනය- 2020-06-03
වේලාව- පෙ.ව.11.00-ප.ව.12.30
---------------------------------------------------------------------------------
8ශ්‍රෙණියේ නර්තන විෂය හදාරන දරුවන් හැමෝටම ආයුබෝවන්
🙏 🙏
😉හොඳයි අද අපි ලස්සන පාඩමක් ඉගෙන ගන්න යන්නේ............😀 😀😀
හැමෝම සූදානම් නේද........
හරි එහෙනම් ඔක්කෝටම කලින් මෙන්න මේ සිංදුව අහලා ඉන්නකෝ.......🎙️🎧🎸🎷🎹🎻🎵🎶
දීකිරි සිංදුව🔊
ඇහුවද කියලා මගෙ whatsapp එකට කියන්න🎧
මොකද ලස්සනයිද.......🤔🤔🤔🤔🤔
ඔන්න එහෙනම් අද අපේ මාතෘකාව.........
"ගීත අසා රස විඳිමු"
මොකක්ද අපි දැන් අහපු සිංදුව🤔🤔🤔🤔..........
ඔව්.....දීකිරි දීකිරි ගෙනාවා දීකිරි👌👍👍👍👍👍👍
මේ සිංදුවෙන් කියන්නෙ මොනවා ගැනද...........
ගමක ඉන්න තරුණ කාන්තාවක් එළ දෙනෙකුගෙන් කිරි දොවලා,🐄 ඒවා උණු කරලා♨️
ඊට පස්සේ ඒවා මුදවලා
තැනින් තැනට ගෙිහින් ඒවා විකුණලා ජීවත් වෙන හැටි නේද.......
ඒක පැහැදිලියිද පුතාලට..?🤔🤔🤔
හොඳයි මේ ගීතය කවුද ගායනා කරන්නෙ...?
මෙන්න මේ නැන්දා...... ඇත්තටම කවුද ඒ
මෙයා තමයි
"අනුලා බුලත්සිංහල"
කියන ප්‍රවීණ ශිල්පිණිය........
මේ සිංදුව නිකම්ම හැදුණ එකක් නෙවෙයි,මේක වේදිකා නාට්‍යයක් සඳහා නිර්මාණය වුණ ගීතයක්
🤔🤔🤔🤔
"රතු හැට්ටකාරී" වේදිකා නාට්‍යය තමයි ඒ......
මේ නාට්‍ය කරේ ලූෂන් බුලත්සිංහල කියන නාට්‍ය වේදියා.......
මේ ඉන්නෙ🤔🤔
බලන්නකෝ...
ඒ වගේම මෙතුමා තව විදියකින් ඔයාලට මතකද🤔🤔 කියලා බලන්න
අර "හෝගානා පොකුණ" චිත්‍රපටියේ ලොකු ඉස්කෝල මහත්තයා.....😀😀😀😀
ආහ් දැන් මතක්වුනා නේද?
ඉතින් මේ අපි කතා කරන ගීතය ලියන්නෙත් පුතේ එතුමා🙏🙏
ගායනා කරන්නනේ එතුමාගේම බිරිඳ. අනුලා බුලත්සිංහලයන්...
ඒ වගේම තමයි සංගීතය නිර්මාණය කළේ
"ඔස්ටින් මුණසිංහ"කියන
සංගීත වේදියා....🎷🎺🎻🎸🪕🎧🎤
ඉතින් දැන් ආයිමත් ඒ ගීතය බලලා ඉන්නකෝ......
හොඳයි මේ ගීතයෙන් කියන ප්‍රධාන කාරණාව මම කිව්වනේ......
ඒක පැහැදිලියි නේද
ඉතින් මෙහි කියැවෙන තරුණිය......
ඉන්න හිටින්නට හරියට තැනක්වත් නැති බොහොම දුප්පත් කාන්තාවක්.......
ඇය බොහෝම දුක් මහන්සියෙන් වෙහෙස වෙලා කිරි විකුණලා මුදලක් හොයා ගන්නවා නේද.......
ඇයට බලාපොරොත්තු ගොඩයි.......
ඉතින් ඒ බලා පොරොත්තු ඉටුකරගන්නට .......
සිසේ රුදාව,දෙපයේ වේදනාව කිසිවක් නොතකා කිරි වෙළඳාමේ යනවා....
බලන්න කෙනෙකුගේ උත්සාහය කොයිතරම් වටිනවද කියලා...
වගේම මේ ගීතය හරිම ලස්සනට කියන්න පුලුවන්..
.
මේ ගීතයට බලන් ඉන්න හැමෝටම ආසා හිතෙන විදියට ලස්සනට ප්‍රකාශණාත්මක චලන කරන්න පුලුවන්......
මෙන්න මේක බලලා ඉන්නකෝ.....
දැන් පැහැදිලියිද මේ ගීතය ගැන අපට ඉගෙන ගන්ක තියෙන තොරතුරු?
තේරුණා නේද🤔🤔🤔🤔
මේ ගීතය සුළු තනිතිතට,ඒ වාගේම මහ තනි තිතටත් ගායනා කරන්න පුලුවන්......
ඒ කියන්නෙ.... මාත්‍රා 2,න් 2කේ තනි තිතට හෝ මාත්‍රා 4න් 4තනිතිත.........
හරි එහෙනම් ගීත🎻🎧 රස විඳින පාඩමේ පළමු කොටස අපි අවසන්.........
දෙවැනි කොටස🤔🤔🤔
ඒක ඊළඟ දවසේ කතා කරමු හොඳද...........
ඔන්න පහළින් තියෙනවා👇👇අතිරේක කියවීම් පොතේ සටහන......ඒක කියවන්න
මේ ගීතය අනිවාර්යයෙන්ම කට පාඩම් කරන්න....
තාලයට ගායනා කරන්න...
පහත සඳහන් ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න
එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.........






















































